free statistics

වැඩිය කවුරුත් දැකල නැති සජානාගේ සහ ඇගේ නිවුන් සහෝදරයාගේ ඡායාරූප පෙලක්


2 shares

අපේ රටේ මියුසික් වීඩියෝ වල රඟපෑම තුලින් අතිවිශාල ප්‍රේක්ශක ආකර්ෂණයක් ලබා ගත් ඇය නමින් සජානා වනිගසුරියයි. 1992 පෙබරවාරි 14 වෙනි දින උපත ලැබූ ඇයට මේ වන විට වයස අවුරැදු 29ක් පමන වෙනවා. ඒ වගේම මැය දක්ශ රංගන ශිල්පිනියක් ලෙසත් , දක්ශ නිවේදිකාවක් ලෙසත්,නර්තනය ශිල්පිනියක් ලෙසත්, නිරෑපිකාවක් ලෙසත් කටයුතු කරනු ලබනවා. ඇයව රෑපවාහිනියේ නිතර නිතර අපට දැක ගන්න පුළුවන් වෙන්නේ වෙළඳ දැන්වීම් හරහායි. ඉතින් ඊට අමතරව කලා ක්ෂේත්‍රයේ ඉතාමත් අහිංසක සුන්දර රංගන ශිල්පිනියක් ලෙස ඇය කා අතරත් ජනප්‍රිය වෙලා තියෙනවා. ඇය “අහසින් වැටුන”, “අග්නි” කියන ටෙලිනාට්‍යය වලටත් ඇගේ රංගනයෙන් දායක වෙලා තියෙනවා. තවද ඇය 2013 වසරේ හොඳම රූපවාහිනී සම්මාන උළෙලේදී “අහසින් වැටුන” ටෙලිනාට්‍යය වෙනුවෙන් හොඳම රංගනය සඳහා කුසලතා සම්මානයක් ලබා ගත්තා. ඒ වගේම “අග්නි” ටෙලිනාට්‍යය සඳහා 2014 වසරේ හොඳම නිළිය ලෙසද ඇය තේරී පත්වුනා. ඒ වගේම ඇය මේතකදී ගොඩක් ප්‍රසිද්ධ වුන මියුසික් වීඩියෝ ගනනාවකින්ම අපට දැක ගන්නට ලැබුණු චරිතයක්.

ඉතින් ඇයගේ පවුලේ විස්තර පිලිබදව කතාබහ කළොත් සජානා පවුලේ බාලයා වන අතර ඇයට ඇය වගේම නිවුන් සහෝදරයෙක් ඉන්නවා. ඔහු නමින් සංජීව් වනිගසුරියයි. සජානා කියලා කියන්නේ රංගනයට, ගායනයට, නර්තනයට පමනක් නොව අධ්‍යාපන කටයුතු වලට ඉතාමත් දක්ෂතා දක්වන කෙනෙක්. ඉතින් ඇය අපේ රටේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයේ ඉගනුම ලබාගෙන තිබෙනවා. ඒ වගේම මේ වනවිට ඇය විවාහ වෙලා සාර්ථක යුග ජීවිතයක් ගත කරමින් ඉන්නවා කියලා තමයි ඇය පවසන්නේ. ඉතින් ඔයාලා කවුරුත් ආදරේ කරන සජානා වනිගසුරියගේ සහ ඇගේ නිවුන් සහෝදරයාගේ සුන්දර ඡායාරූප කිහිපයක් අපි අරන් ආවා.


Like it? Share with your friends!

2 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close