free statistics

පියා පැදවූ ත්‍රිරෝද රථය අනතුරට ලක් වී,ගමක් හඩවා මියගිය විදේශ සේවා සෙව්වන්දි


2 shares

පැල්මඩුල්ල රිල්හේන ප්‍රදේශයේදී පෙරේදා (13) සවස පොද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදරු මවක ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස මියගියේ ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයේ සේවය කරමින් සිටි විසිනව හැවිරිදි වියේ පසුවු උත්පලා සෙව්වන්දිය. විදේශ සේවා කාර්යාංශයේ මාධ්‍ය අංශයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කල ඇය, මියයන විට කොරියානු රැකියා බඳවා ගැනීම් අංශයේ සේවය කරමින් සිටියාය. රිය අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුල ඇයට අමතරව, සිව්හැවිරිදි වියේ පසුවූ නිවුන් දරුවන් දෙදෙනාත්, සැමියාත් පසුපසින් ගමන් කළ අතර ඇයගේ පියා ත්‍රීරෝද රථය පදවමින් සිටියේය.

එක්නිවුන් දරුවකු මියගිය කාන්තාවගේ උකුළේසිටි අතර අනෙක් දරුවා පියාගේ උකුලේ තබාගෙන ගොස් තිබේ.අනතුරින් බරපතළ තුවාල ලැබූ දෙදරු මව පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව පොලීසිය පවසයි. මෙම අනතුරින් ඇගේ ආසන්නයේ සිටි දරුවාට සුළු තුවාල සිදුව තිබේ.පුද්ගලික බස්රථ රියැදුරා සහ ත්‍රිරෝද රථය පැද වූ මියගිය අයගේ පියාද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජි.එල්.පී.ඩබ්ලිව්. ගුණදාස මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


Like it? Share with your friends!

2 shares

One Comment

Your email address will not be published. Required fields are marked *

close