free statistics
රැකියා ලබාදෙන බව පවසා ඕමානයේ ලිංගික ජාවාරමට කාන්තාවන් යවලා

රැකියා ලබාදෙන බව පවසා ඕමානයේ ලිංගික ජාවාරමට කාන්තාවන් යවලා


1 share

ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාදෙන බව පවසා අවුරුදු 20-40ත් අතර කාන්තාවන් ඒරටට ගෙන ගොස් ලිංගික ජාවාරවල නිරත කළ බව කියන කාන්තාවක ලබන 26වැනිදා  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වවුනියාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.  මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, මහියංගණය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. කුසුමාවතී හෙවත් සඳමාලි නමැති කාන්තාවකි.සැකකාර කාන්තාව පසුගිය පෙබරවාරි 25වැනිදා ඕමානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, දින 14ක නිරෝධායන කටයුතු සඳහා ඇය වවුනියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබිණි. අනතුරුව පසුගිය 12 වැනිදා නිරෝධායනය අවසන් වී ඉන් පිටතට පැමිණි මොහොතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය හා වවුනියාව, පූවාස්කුලම් පොලීසිය විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකාර කාත්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් අදාළ කාන්තාවට එරෙහිව සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අනුවය.

සැකකාර කාත්තාව සම්බන්ධව පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට ජනමාධ්‍යවල පළ වූ ප්‍රවෘත්ති හා හිංසනයට ලක් වූ කාන්තාවන්ගෙන් ලද තොරතුරු මත ඇයගේ මිනිස් ජාවාරම් පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ. එසේම සැකකාර කාන්තාව හා තවත් පිරිසක් එක්ව මෙම මිනිස් ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති අතර, තරුණ රූමත් කාන්තාවන්ට රැකියා ලබාදෙන බව පවසා ඔවුන් ඕමානයට රැගෙන ගොස් එහිදී එරට සුල්තාන්වරුන්ට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.මීට අමතරව මේ සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි ලැබී ඇති අතර, ඒ සම්බන්ධව. එම කාන්තාව මාර්තු 18වැනිදා කොළඹ අංක 1උසාවියටද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

gossiplankanews (නවෝද්‍යා  පවනි)


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close