free statistics

රුපියල් සියයක් දෙනවා කියලා 10 හැවිරිදි පාසල් සිසුවාට අතවර කළ පියාගේ මිතුරා


රුපියල් සියයක මුදලක් ලබාදීමට පොරොන්දුවී ඉන් රුපියල් දහයක් දී 10 හැවිරිදි පාසල් දරුවකුට බරපතළ  ලිංගික අතවරයක් සිදු කරනු ලැදැයි අධිකරණය හමුවට පමුණුවන ලැබූ එම දරුවාගේ පියාගේ මිතුරා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් වජිර ලක්ෂ්මන් උඩුරප්පුලි මහතා නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර ගල්පාත ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකුය. මෙම දරුවාගේ මව, පියා හා දරුවා හැරගොස් ඇති බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි. තම දරුවාට මිතුරා කළ අතවරය පියා අතටම හසුකර ගැනීමෙන් පසු මේ පිළිබඳව උතුරු කළුතර පොලිසියට පැමිණිලිකර ඇත. 06 වැනි වසරේ ඉගෙනුම ලබන මෙම දරුවා විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබිණි


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close