free statistics
පාපිස්සට ගිය ජාතික කොඩිය - amazon.com ‌වෙබ් අඩවියේ ඇමරිකානු ඩොලර් දොළහයි

පාපිස්සට ගිය ජාතික කොඩිය – amazon.com ‌වෙබ් අඩවියේ ඇමරිකානු ඩොලර් දොළහයි


අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර ඇත.

ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර තිබේ.

අන්තර් ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර ඇත.

ඇමසන් සමාගමේ වාර්ෂික පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 21 ඉක්මවයි. සේවකයින් දොළොස් ලක්ෂ අනූඅටදාහක් එම ආයතනයේ සේවය කරති.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ​මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් කළ විමසුකදී පැවසුවේ මෙය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

උපුටාගැනිම අරුණ පුවත්පත..


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close