free statistics

ගුරුවරුන් ඇතුළු වෘත්තීය සමිති ඉල්ලා සිටින ආකාරයට වැටුප් වැඩි කිරීමට හැකියි. ඒත් වියදම දරන්නෙ මේ රටේ මහජනතාව


ගුරුවරුන් ඇතුළු වෘත්තීය සමිති ඉල්ලා සිටින ආකාරයට වැටුප් වැඩි කිරීමට නම් ඊට වැයවන මුදල සමස්ත රටේ ජනතාව මත අධික බදු බරක් පටවා සූරාගැනීමට සිදුවන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“ලංකාවත් ලෝකෙ අනිත් රාජ්‍යයන් වගේම ප්‍රධාන අර්බුද තුනකට මුහුණ දෙනවා. එකක් තමයි රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය. දෙක තමයි ගෙවුම් ශේෂය නැත්නම් විදේශ විනිමය පිළිබඳ අර්බුදය. තුන තමයි ආර්ථිකය ක’ඩාවැ’ටීම නැත්නම් ආර්ථිකය පසුබෑම පිළිබඳ අර්බුදය.

දැන් අපි මේ රටේ ජනතාව සියලු දෙනා තේරුම් ගතයුතු මූලික සිද්ධාන්තය තමයි මේ ආණ්ඩුව කියන්නෙ ඔබේ ආණ්ඩුව. ආණ්ඩුව වියදම් දරනවා කියන්නෙ ඒ වියදම දරන්නෙ මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමාවත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් එහෙම නැත්නම් ජනාධිපතිතුමාවත් නෙවෙයි. මේ වියදම දරන්නෙ මේ රටේ මහජනතාව.

ක්‍රම දෙකයි තියෙන්නෙ රජයකට ආණ්ඩුවකට ආදායම් ලැබෙන. එකක් බදු, අනෙක බදු නොවන. මුළු ආදායමෙන් 86%ක් ලබාගන්නෙ මහජනතාව මත බදු පටවලා. සමස්ත ලාංකීය ජනතාව මත බදු පටවලා අපි ලබාගන්න මුළු ආදායම රුපියල් බිලියන 1216 යි. රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්න හා විශ්‍රාම වැටුප් ගෙවන්න ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට අපි 2020 වර්ෂයේදී වියදම් කරලා තියෙනවා බිලියන 1052ක්.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close