free statistics

සජිත්ගෙන් නිවාස ගන්න ගිය අහිංසක පවුල් 7,000ක් ණයකරුවන් කරලා


සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස සංකල්පය අනුව නිවාස ගැනීමට ගිය මන්නාරමේ පවුල් 7,000කට පමණ නිවාස නොලැබී යෑම පමණක් නොව ඔවුන් ණයකරුවන් පිරිසක් වීම රජය වහාම සොයා බලා ඔවුන්ට සහන සලසා දෙන ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ජනාධිපතිවරයාට ලිපියක් යවන අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා පවසන්නේ වරද සජිත් ප්‍රේමදාස මහතාගේ නොවූවත් පීඩාවට පත්ව සිටින්නේ අසරණ ජනතාව බැවින් රජය මේ අසරණ ජනතාවගේ ඉල්ලීම ගැන ඇහුම්කන් දිය යුතු බවයි.

මන්නාරමේ කාන්තාවන් මේ දිනවල මන්නාරමේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලය ඉදිරිපිට අව්වේ වේලෙමින් උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටින්නේ ඔවුන්ට පොරොන්දු වූ නිවාස දීම හෝ ඔවුන්ගේ ණය මුදල් කපා හැරීම කරන ලෙස වූවත් නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් කිසිම තීරණයක් ගැනීමට නොහැකි බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මන්නාරමේ මේ කාන්තාවන්ගේ එක් පවුලක් රුපියල් ලක්ෂ දෙකේ සිට පහ දක්වා ණය මුදල් ගෙන ඇත්තේ ඔවුන්ට ලැබුණු නිවාස ඉදිකිරීමට වුවත් නිවාස ව්‍යාපෘති මේ වන විට අහෝසි වී ඇති නිසා වැසියන්ට නිවාස ලැබී නැතත් ණය මුදල් ගෙවීමට සිදුව ඇති බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියි.මේ නිසා ජනාධිපතිවරයා මැදිහත් වී මේ ජනතාවට නිවාස දී පසුව ණය මුදල් අය කර ගන්නා ක්‍රමයක් සකස් කර දෙන ලෙස මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close