free statistics

ලොව ධනවත්ම ගැහැනු ළමයා? ඇය වයස අවුරුදු 24 වන වියෙහි පසුවන එක්දරු මවක්


මගෙ පින්තූරය ෆෝබ්ස් සගරාවේ මොන පිටුවක පල කරනවද කියලා විශ්වාස කරන්නත් අමාරුයි “ මෙහෙම කියන්නෙ ඩොලර් මිලියන 900ක වත්කමක් සහිත ලොව ලාබාලතම ධනවතිය වන කයිලි ජෙනර්.ඇය සුප්‍රසිද්ධ නිරූපිකාවක් වන කිම් කාර්ඩේෂියන්ගෙ සොහොයුරියයි. කයිලි ජෙනර් මේ වන විට වයස අවුරුදු 24 වන වියෙහි පසුවන එක්දරු මවකි.

01

02

2018 දි ෆෝබ්ස් සගරාවෙහි පල කල අන්දමට ඇය ලොව ධනවත්ම ගැහැනු ලමයා වන අතර ඇය ස්වෝත්සාහයෙන්‍ දියුණු වූ ලොව ලාබාලතම කෝටිපතියා යනුවෙන් සදහන් කොට ඇත.එහෙත් ඇයගෙ දෙමාපියන්ද ඉතා සුප්‍රසිද්ධ සහ ධනවත් හේතුවෙන් ඇය ස්වෝත්සාහයෙන්‍ දියුණු වූ අයෙකු ලෙස සැලකීමට බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සෙ චෝදනා එල්ල කොට ඇත.

ඇයගෙ ඇති සුවිශේෂිත්වය නම් ලොව අංක එකෙ ගායිකාවන් වන බියොන්සෙගෙ වත්කම ( ඩොලර් මිලියන 335 ) ටේලර් ස්විට්ගෙ වත්කම ( ඩොලර් මිලියන 320 ) අභිබවා වත්කම් ප්‍රමාණයක් ඇය සතු වීමයි.ඉතා ලාබාල වයසින් බිලියනපතියකු වූ මාර්ක් සකර්බර්ග්ටත් වඩා අඩු වයසකින් ඇය අති විශාල ධනස්කන්ධයක් උපයා ගෙන ඇත.

ඇයි කයිලි ජෙනර් මේ තරම් ධනවත් වෙන්නෙ ? කයිලි කියන්නෙ සමාජ ජාලා තරුවක්. 2015 දි විතර ‘ KYLIE PRODUCTS’නමින් ඇයගේම රූපලාවණ්‍යය නිශ්පාදන අලවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා.එහි අලවි කටයුතු බොහෝ විට සිදු වෙන්නෙ අන්තර්ජාලය ඔස්සෙයි.කයිලිගෙ නිශ්පාදනයන්ට අතිශයින්ම ඉල්ලුමක් ලොව පුරා තියෙනවා.ඊට ප්‍රධානම හේතුවක් වෙන්නෙ ඇයගෙ අධික සමාජ ජාලා පිරිසයි.ඇයගෙ ඉන්ස්ටග්‍රෑමයෙ මිලියන 122කට අධික ප්‍රමාණයක් සිටිනවා.ඒ වගේම ඇයගෙ ඉතා ආකර්ෂණීය අලවිකරණ උපායන් නිසාවෙන්ද විශාල පාරිභෝගිකයින් පිරිසක් ඇද ගන්නට සමත් වෙලා තියෙනවා.

03

04

05

ඇය එක ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුවකින් මිලියන ගණනක ආදායමක් ලැබෙන බවයි සදහන් වෙන්නෙ.ඒ වගෙම සියලු නිශ්පාදනයන් එක මොහොතකින් අලවි වෙයි.

කුඩා කල සිටම රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇය නිරූපන ක්ෂේත්‍රයටත් පිවිසෙනවා.පසුව විලාසිතා ප්‍රවර්ධනය ගැන උපදෙස් දෙන්නියක් වශයෙනුත් කටයුතු කර තිබෙනවා. කුඩා දැරියකුගෙ මවක් වන ඇය,තම කුඩා දියණියගෙ නමින්ද ව්‍යාපාරයක් මෑතකදි ආරම්භ කරල තියනවා.ඇයගෙ සැමියා ට්‍රැවිස් ස්කොට් වෘත්තීමය රැප් ගායකයකු වනවා.

ෆෝබ්ස් සගරාව සදහන් කර සිටින්නෙ ලොව ධනවත්ම ලැයිස්තුවෙ අටවන තැන සිටින මාර්ක් සකර්බර්ග්ටත් පෙරමුණෙන් දැන් කයිලි ජෙනර් සිටින බවයි

06

07

08

09


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close