free statistics

මුස්ලිම් විවාහ හා දික්කසාද පොදු නීතිය යටතේම සිදු කිරීමට නව නීතියක්


සිවිල් නඩු විධානය සඳහා නව සංශෝධනයක් ඇතුළත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ, ඉස්ලාම් ආගම අදහන තැනැත්තන් විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ වීමට අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට එම ආඥාපනත යටතේ පාලනය වීමට හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහයට නව සංශෝධනයක් එක් කිරීමටයි.

මෙම තීරණයට හේතුවී ඇත්තේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ කාන්තාවන් වෙනස් කිරීමටකට භාජනය කරන බවට මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන කාන්තා සංවිධාන හා ප්‍රජාව විසින් පෙන්වා දී තිබීම හේතුවෙන්.

මේ අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ විවාහ හා දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මුස්ලිම් ප්‍රජාවට අයත් තැනැත්තන්ගේ විවාහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවක් ඔවුන්ට හිමිවනවා.

Related Articles


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close