free statistics

විවාහ නොවු හැම නලුවෙක්ම මගේ පස්සෙන් ආවා – සංගීතා වීරරත්න


අපි කතා කරන්න යන්නෙ අපේ ආදරණීය චරිතාංග රංගන ශිල්පිණියක් වන සංගීතා වීරරත්න එක්ක..

මුලින්ම අපට කියන්න ඔබගේ උස කොච්චරද?
අඩි පහයි අඟල් පහ මාරයි.

මේ ක්ෂේත්‍රයේ ඔබට ඉන්න හිතවතුන් හිතවතියන් කවුද?
ජීවන් අයියා,දිල්හානි.
01

ඔබට උයන්න පුළුවන්ද?
පුළුවන්

මොනවද රසටම උයන්න පුළුවන් ව්‍යංජන තුන?
කවුද කිව්වේ මට ව්‍යංජන උයන්න පුළුවන් කියලා මම කිව්වේ මට උයන්න පුළුවන් කියලා

02

03

හරි ඒනම් උයන්න පුළුවන් මොනාද….?
පැණි රස දේවල්.අතුරුපස.මට චොකලට් බිස්කට පුඩිං හදන්න පුළුවන්,

ඔබ ඉතාම රුවැති ජනප්‍රිය ශිල්පිණියක් ඒ කාලේ තරුණ නළුවෝ කී දෙනෙක් විතර පි.ටිපස්සෙන් ආවද
විවාහක නොවු හැම දෙනාම

ඒ වගේම ඔබේ හිතේ පොඩි crush එකක් තිබිච්ච නළුවෙක් හිටියද ඒ කාලේ.කියන්න පුළුවන්ද?
ඔව්.නෑ ඕන නෑ.මගේ යාළුවෝ දන්නවා .ඒ ඇති.

උදේ පාන්දර තුනට CALL එකක් දිලා කතා කරන්න පුළුවන් යාළුවො තුන්දෙනා කවුද?
ධනංජය,චන්න විජේවර්ධන,ශෙරින් අක්කිට කතා කරන්න පුළුවන් එයා නැගිටින්නෙ නෑ.කතා කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා එයාලා නැගිටින්නේ නෑ.ධනු මට බය නෑ මොකද උදේ 3ට එයා වැඩ කරනවා.තුන්වෙනි එක්කෙනා ලෂ්.

මම දැන් ඔබට රංගන ශිල්පීන් පස් දෙනෙක් කියනවා.මේ අයගෙ රංගන දක්ෂතාවය අනුව එකේ සිට පහ දක්වා ඔබ නම් කරන්න ඕන එක වැඩියෙන් පහ අඩුවෙන්.හේමාල් රණසිංහ,රොෂාන් රණවන,අනූජ්,සාරංග,දිනෙත්?

මම දැකලා තියෙන බලලා තියෙන චිත්‍රපට වලින්.නමුත් ඔවුන් දක්ෂ වෙන්නපුළුවන්.නමුත් මම දැකලා තියෙන විදිහට මම මෙ කියන්නේ. මුලින්ම සාරංග,හේමාල්,රොෂාන්,අනූජ්,දිනෙත්ව මම දැකලා නෑ.

මීළඟ ප්‍රශ්නය දක්ෂතා අනුව නෙවෙයි ඔබ කැමතිම .මේ රංගන ශිල්පීන් පස් දෙනාගේ ඔබ කැමති අනුපිළිවෙල.රවීන්ද්‍ර රන්දෙනිය මහත්මයා,සනත් ගුණතිලක මහතා,ජීවන් කුමාරතුංග මහතා,කමල් අද්දරාරච්චි මහතා,රංජන් රාමනායක මහතා?

මගේ කැමැත්ත කියන්නත් බෑ මොකෝ හිතේ තියෙන ගෞරවය,ආදරය,එක එක්කෙනාට වෙනස් උනාට එක්කෙනෙක් ඔය පස්දෙනා ඇතුලේ ඉන්නවා,නමුත් ඒකත් මම කියන්න කැමති නෑ.නමුත අනිත් හතරදෙනා මම දන්නවා මාව කොයිවෙලාවෙත් යාළුවෙක් හැටියට පහලට දාලා නෑ….මං කිසිම දෙයක් කියන්නේ නෑ.

ඒ ප්‍රශ්නෙම නිල්මිණි තෙන්නකෝන්,දිල්හානි අශොකමාලා,යශෝධා විමලධර්ම,සේමිනි ඉද්දමල්ගොඩ,දමිතා අබේරත්ත?

කැමති වන්නේ අපි ආශ්‍රය කරන මට්ටම අනුවනේ.අඩුවෙන්ම ආශ්‍රය කරලා තියෙන්නෙ සේමිණීව තමයි රිදි රැයක් එකේද හම්බුවෙලා තියෙනවා,party වලදි හම්බුවෙනවා ඒත් එක ආශ්‍රයක් නෙවෙයිනේ.ඒනිසා එයා පහ.ඊට පස්සේ මම දමිතව දන්නවා පස්සේ ගෙනා මනමාලි මගේ තාත්තගෙ ටෙලිනාට්‍යයෙ රඟපාන්න ඉන්න කාලේඉදන්ම මම දමිතව දන්නවා එයා හරිම හොඳ ළමයෙක් නිල්මිණීව මම අඳුරනවා නමුත් දමිතට වඩා අඩුවෙන්.ඒ නිසා නිල්මිණි number four දමිතා number three,දිල්හානි number two,යශෝධා number.

විවාහයට කලින් දෙදෙනෙක් ගැලපෙනවාද කියලා තීරණය කරන්න කැමතිනම්?

එක එක්කෙනා කැමති නැත්තම් දිගින් දිගටම වෙන් වෙවී යනවා.එතකොට තමන් ඉන්න තත්වය මොකක්ද.විවාහය කියනදේ කැතට දකින්න ඕන නෑ කූ’ඩුවක් වගේ දකින්න හොඳ නෑ.දෙකටම නි’දහසකුත් තියෙනවා වගකීමකුත් තියෙනවා.

ඔබ කැමතිම හිංදි නළුවෝ තුන්දෙනා කවුද
ෂාරුක් ඛාන්,අමිතා බච්ඡන්,අමිතා බච්ඡන් මගේ පොඩි කාලේ ඉදන් crush.දැන් ආසයි රන්වීර් සින්.

ඔබ කැමතිම හිංදි නිළියෝ තුන්දෙනා කවුද?
මම ආස actress කෙනෙක් තමයි සමිතා පටේල් ඒ කාලෙම මම ආසයි ශ්‍රී දේවිට.ඊට පස්සේ මදුරි ඩක්සිත්,දැන් කාලේ මම ආස දීපිකාට

ඔබට ලැබෙන චිත්‍රපටයක ඔබට කියනාවා ඔබ කැමතිම නළුවාව තෝරගන්නකියලා ඔබ කාවද තෝරගන්නේ?
ෂාරුක් ඛාන්.එයා actor කෙනෙක් විදිහට මට challenge එකක් වෙනවා එයා එක්ක act කරන එක.මම ඒකටයි කැමති

ඔබ කැමතිම චිත්‍රපට තුන?
මමත් චිත්‍රපට හැටක විතර රඟපාලා තියෙනවා.ඔයා හිතුවේ මම අකමැත්තෙන් රඟපෑවා කියලද.රඟපෑවෙත් මම කැමති ඒවා,බැළුවෙත් මම කැමති ඒවා.ඒවයින් තුනක් කියන්න බෑ
04

05

ඔබේ අවංක අදහස මොකක්ද අද කාලේ ජනප්‍රියම නිළිය සම්මානය තෝරන ක්‍රමවේදය පිළිබඳව?

ඉස්සර කාලෙට වඩා වැඩි වෙනසකුත් නෑ.මම හිතන විදිහට ඇත්ත කියන්න එපැයි.ඉස්සරකාලේ පත්තර කපලා යවනවා දැන් කාලේ sms වලින් යවනවා කියලා මම කිව්වේ.ඉස්සර තමන්ම කරගන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ මොකද දැන් තියෙන ක්‍රමය වැ’රදි

ඔබ ශ්‍රී ලංකා රූ රැජින තරඟ සංවිධානය කරනවානේ…all time favorite miss sri lanka කවුද
රෝසි සේනානායක

ඔබ cricket වලට කැමතිද.කැමතිම cricket ක්‍රීඩකයෝ තුන් දෙනා.
මම දන්න කට්ටියගෙන් මම කැමතිම cricket වලට කිසිම සම්බන්ධතාවයක් නෑ මේක.සිදත්වෙත්තමුණිට.එයා සෙල්ලම් කරනවා හරිද කියලවත් මම දන්නේ නෑ එයා ගහන විදිහ බලන් ඉන්න හරිම ලස්සනයි.ඒ නිසා එයාට කැමති.අපේ cricket කණ්ඩායම ජයග්‍රහණය කරා අරන්ගිය නිසා අර්ජුන රණතුංග.තුනතමයි ප්‍රශ්නේ මොකද මට list එකක් ඉන්නවා තුනට

අපි ඔබ ගැන දන්නෙ නැති දේවල් තුනක් කියන්න…?
ඒක දන්නේ නැතිතරමටම ඉදිරියටත් තියෙනවනම් වඩාත් හොදයි.දැනගන්න ඕන නැති නිසානේ ඒව දන්නේ නැත්ත’

ජීවිතේ ඔබට ලැබිලා තියෙන මිලකල හැකි වටිනම දේ මොකක්ද?
දෙමව්පියන්ගෙන් මට ලැබුන ඉඩම්,ව්‍යාපර,ගෙවල්, ඒ දේවල් දැන් ඒවා වටිනා කමින් ගොඩාක්.

ඔබ කෙනෙකුට දීපු වටිනාම ත්‍යාගය කුමක්ද?
මම jewellery අරන් දීලා තියෙනවා.ලක්ෂ ගණන් වියදම් කරලා jewellery අරන් දිලා තියෙනව මගේ යාළුවන්ට,මගේ නෑදෑ වෙන අයට.අරන්දිලා තියෙනවා ඒත ගණන් ඔළුවේ තියාගෙන නෑ.

06

07

ධනංජය බණ්ඩාර හැරුණුකොට ඔබ කැමති ඔබ ලස්සන කරන්න කැමති රූපලාවන්‍යශිල්පීන් තිදෙනා කවුද?
hair and makeup ධනංජයට ඉස්සෙල්ලා hair and makeup හැමදේම මට කලේ lochin vorn ඒ නිසා ඔහු මගේ ප්‍රියතම කෙනෙක්.බොහො දුරට මම මගේ makeup එක මමමයි කරගන්නේ.මගේ කොණ්ඩෙ කරගන්න කැමති ප්‍රියන්ත එස්ටීවා එකේ..නැත්තම් අසංක අවීරා එකේ.

ඔබ ඉන්නවනේ කොළඹ සමාජයේ බොහෝ විට ස.ම්බා,ෂන වලට උත්සව වලට අනිවාර්යෙන් අපිට ඔබට දකින්න ලැබෙනවා.කවුද කොළඹ ඉන්න නෝනලා තුන්දෙනා ලස්සනටම අඳින
නෝනලා පෝළිමක් ඉන්නවා ලස්සනටම අඳින.බෑනේ කියන්න.මොකෝ beauties ලා කියලා තියෙනවා whatsup group එකක් තියෙනවා ඒ whatsup group එකේ ඉන්නවා 24ක් කාන්තාවන් මේ ඔක්කොම කොළඹ ඉන්න කාන්තාවන් ඉතිං ශෙරින්,සුජීවා,ප්‍රීති,ශාරිකා,හිමාලි,සබීතා අක්කි,ගයත්‍රි,කුමාරි,

ඔබේ මනාපය පරිදි කියන්න හෙට දිනයේ රිදී තිරය,පුංචි තිරය ජයගන්න ඉන්න නළුවො තුන් දෙනා කවුද?
මම හිතනවා මේක අතිශයින්ම ජනප්‍රියයි.සාරංග,පුබුදු,හේමාල්,රොෂාන්,චන්න.

නිළියො පස්දෙනා?
මම හිතනවා ඒ අයට යම් දෙයක් කරන්න පුළුවන් වෙයිකියලා. ප්‍රියසාද් පවුල ගත්තම තුනක් ඉන්නවනේ. එක්කෙනෙක් ගන්නම් අනිත් දෙන්න support කරන්න කියමු අපි .මම බාලයවම ගන්නවා මොකද එයාට වැඩි කාලයක් වැඩකරන්න පුළුවන්නේ. ශනුගේ talent එකට මම ආසයි එයාගේ approach එක වෙනස් අනිත් දෙන්නටම වැඩිය.දිනක්ෂි තමයි මම පෞද්ගලිකව කැමතිම කෙනා..ශලනි,සචිනි,උදාරි,මේ අය
සාකච්ඡාව – කැලුම් විජේසූරිය
08

09

10


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close