free statistics
තාත්තා අතින් අපහරණය වුනු පුංචි දියණියක් කියන, අහන් ඉන්න බැරි සංවේදී කතාව

තාත්තා අතින් අපහරණය වුනු පුංචි දියණියක් කියන, අහන් ඉන්න බැරි සංවේදී කතාව

“…පැහැදිලි කරන්නම්…!! මේක කාටවත් කියන්න එපා මිස්…!!”

“මට ඇත්ත කියන්න රිතූගේ අම්මේ..? ඔයත් මේ ගැන දැනන් හිටියද…?”

“මිස් ටිකක් මෙතනින් වාඩිවෙලා ඉන්නවද..? අපි දරුවත් එක්ක කතා කරන්නම්…!!”

එක ගැහැනු පරාණයක් ඒ ඇත්තිගේ සාරි පොට අස්සේ අර පොඩි එකීව හංඟ ගත්තා. අකුණු සැර-වලින් රිද්දගත්තූ ඒකිගේ කම්මුල් දිගේ දුවපු සැර පහරවල් ගැන “අසම්පූර්ණ කතාවක්” උනුන්ට කියන්න ඈ සන්තකේ තිබුණා. ඒකි රාත්‍රීන් කිහිපයක් පුරාවටම නිදි වර්ජිතව එකෙකුගේ පපු කන්දකට යට වෙලා විඳපු දුක් අඳෝනාවල් ගැන කියන්න ඒකිට ඕනෑ තරම් වෙලාව තිබුණා.
මම කොන්ක්‍රීට් තට්ටු කිහිපයක් අතරේ අතරමං වුණා. අලුත් ගොඩනැගිල්ලක උස් මහල් මනින “ඉංජීනේරු මහත්තයෙක්” මා එක්කලා නුහුරට හිනාවුණා.

“මිස් ටීචින් කරන කෙනෙක් නේද..?” ඒ හාදයා හිනාවුණා. (සීරියස්ලී! ඌ හෙන හැන්ඩියෙක්.)

“ඔව්.. කොහොමද දැනගත්තේ..?” මම හිනාවක්වත් නොදී ඒ නාඳුනන්නා දිහාවට හැරුණා.

“නිකන් තේරුණා, හේ…” ඒ ඌ අන්තිමට කියපු වචන ටික. එතනින් එහා වචන හුවමාරුවක් “සිදු නොකළ යුතුයි” කියන තැන මම හිටියා. පොඩි එකීව මගෙන් ඩැහැගත්තූ උරුලෑවී මේ දැන් ඒවී කියලා හිතලා මම ආයෙම අර ගොඩනැගිල්ලේ දිගේ ඇස් දිවෙව්වා.

“ඇයි රිතූ මේ…? මොකද අද දවල්ට කෑවේ නැත්තේ…” ඒ මීට සති දෙක තුනකට කලින්. (මගේ අතීතාවර්ජනය) හැම කෙල්ලක්ම මගේ සාරි පොට ඩැහැගෙන දුවද්දි ඒ පොඩි කෙල්ල විතරක් එක තැනක ගුලි ගැහිලා, ආකාසේ එක්කලා ගනුදෙනුවකට එළඹෙමින් උන්නා. මම ඒකිගේ අතින් අල්ලන්න එන බව දැන දැනම ඒකි අත් දෙකම මගෙන් අහකට ගත්තා.

“මට කන්න බෑ… මට එපා…” ඒකිගේ නපුරු වචන. අවුරුදු නවයක, දහයක කෙල්ලෙකුට කොහෙන්ද එහෙම නපුරුකමක්…?

“එහෙම කියලා බෑනේ පැටියෝ… දැන් කන්න. බලන්නකෝ.. දැන් අනිත් හැමෝම කාලා ඉවරයි. ඔයා විතරක් නොකා ඉන්නේ කොහොමද..?”

“මම කිව්වනේ මට කන්න බෑ…”

“හොඳයි එහෙනම් මම කවන්නද..?”

මොකද්දෝ අමුතුම හැඟීමක් ඒ කෙල්ලගේ මූණ අත්පත් කරගෙන. මට දුක නොහිතුණා නෙවෙයි. ඒත් මම හිතුවා කොයිම වෙලාවක හරි ඒ පුංචි ඒකි මගේ කිට්ටුවට ඒවී කියලා.

තවත් පොඩි එකෙක්ගේ “නරක විහිළුවකින්” ඇස් රතුකරගෙන නම් මා ළඟට ඒකි එන විත්තිය මම දැනන් හිටියේ නෑ. (දෙයියනේ!! ඒක අහම්බයක්!)

“එයාට මම අවවාද කළා දරුවෝ.. ආයේ එයා ඔයාට කරදර කරන්නේ නැහැ හරිද… කෝ දැන් හොඳ ළමයා වගේ හිනාවෙන්න…”

“පිරිමි අය හැමෝම ඒ විදිහට අපිට විහිළු කරන්නේ ඒ අය ළඟ අමුතු ගැජට් තියෙන නිසාද…?” පොඩි එකී ඇහුවා. මගේ ඇස් උඩක ඉන්දුනා. තාමත් ඒකිගේ මූණේ හිනා පුළුටක් නෑ. මොනාද දෙයියනේ මේ කෙල්ල මේ කියන්නේ..? මොහොතකට මම ගල් ගැහුණා.

“මො… නාද පුතේ මේ කියවන්නේ…?”

“අපේ තාත්තා ටීචර්……” ඒකි කතාව පටන් ගත්තා. මම ඒකිව තවත් කිට්ටු කරගත්තා.

“තාත්තා…? ඉතින්….??”

“තාත්තා කෙනෙක් එහෙම කළාට පව් නැද්ද ටීචර්… අපේ තාත්තා කියනවා ඒක පව් නැල්ලූ, තාත්තලා දුවලට ආදරේ කරන්නේ එහෙමයිලූ… එයා මාව කිස් කරද්දි නිතරම වගේ ඒක කියනවා…” එතනින් එහාට ඒ කෙල්ල කියාපු දිග හෑල්ල…. මට මේ අකුරු ඇතුළේ රඳවන්න තේරෙන්නෙ නැහැ. ඒ ඇතිවෙච්ච කම්පනය….. මේ පපුව කඩාගෙන යන තරමේ දුක් අඳෝනාවල් එන්න එන්න වැඩිවුණා. නපුරු කුණාටුවකට අහුවෙච්ච ඩැෆඩිල් මලක්, හෙමින් අවලස්සන වෙන්න ගත්තූ කතාව ඒ කෙල්ල පටන් ගත්තා.

සුදෝ සුදුවට දිලිහෙන ඒකිගේ පපුව පුරාවට තිරිසනෙකු දුව පැනපු හැටි (ඒ, ඒ කෙල්ලට උප්පත්තිය දුන්නු තාත්තාමයි දෙයියනේ!!) ඒකි ලස්සනට කියාගෙන ගියා. උපමා රූපක තනන්න නොතේරෙන ඒකිගේ අරුම පුදුම උපමාවලට මම වහ වැටුණා. අන්තිමට මගේ ඇස්-වලින් ලෝදිය එන්නා වගේ කඳුළු හැලියක් වැටෙන්න ගන්නකොට ඒකි ඒ කතාව කියන එක නතර කෙරුවා.

“ඇයි ටීචර් අඬන්නේ…?”

“පුතේ…. මම ලියුමක් දෙන්නම් අද ඔයාට… ගිය ගමන් අම්මගේ අතට දෙන්න ඕනේ ඔයා. හෙට අම්මත් එක්කම මාව හම්බෙන්න එන්න ඕනි.. තේරුණාද..?” මම කෙල්ලගේ අත තද කරලා අල්ල ගත්තා. කෙල්ල ඔලුව වැනුවා. මම බෝල් පොයින්ට් පෑනකින් කුරුටු ගෑවා, ඒකිගේ අම්මට ලියන ලියමන…

“වහාම මාව මුණගැහෙන්න… රිතූගේ අම්මේ….!!”

ඔව් ! පහුවදා ඒ අම්මට මට කියන්න සිද්ධ වුණා, එයාගේ පුංචි දෝණි තාත්තෙකුගේ හිරිහැර වලට ලක්වෙන හැටි. ඒ තාත්තා මේ පුංචි මල් කැකුළ තලා පෙළන හැටි. උගේ විකෘති ආශාවන්වලට මේකිව පොළඹවා ගන්න හැටි….. ඒ අම්මා පැයක් දෙකක් විතර නිහඬවම පුංචි ඒකිව දෝතින්ම බදාගෙන උන්නා විතරයි.

“අනේ මිස් මොකද මම කරන්නේ..?”

“අපි පොලිසියට යමු…!!” ඒ මගේ තීරණය. අම්මාගේ ඇස් දෙක ලොකු වුණා. ඊළඟට ඒ අත් දෙක එකට එකතු වුණා.

“අනේ බුදු මිස්… පොලිසි නම් යන්න බෑ.. කරුණාකරලා මිස්.. මේ දේ අපි අමතක කරමු. මම මගේ මනුස්සයට මේක පැහැදිලි කරන්නම්…!! මේක කාටවත් කියන්න එපා මිස්…!!” මට පුදුම හිතුණා ඒ අම්මා ගැන. මට ගහන්න හිතුණා ඒ අම්මාගේ කම්මුල් සමතලා වෙන්න…

“මොනාද රිතූගේ අම්මේ මේ කියන්නේ..? මේ දරුවාට ලොකු විනාශයක් වෙලා. ඔයා කියනවා පොලිසියට යන්න එපාලු.. රිතූගේ තාත්තා වගේ අය එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් සෑහෙන්නෙ නෑ. රිතූට මේ අපරාධය වෙන්නෙ කාලයක් තිස්සේ. මට ඇත්ත කියන්න රිතූගේ අම්මේ..? ඔයත් මේ ගැන දැනන් හිටියද…?”

රිතූගේ අම්මා ඒකට උත්තරයක් දුන්නේ නෑ. ඒ වෙනුවට එයා ආයෙම කළේ අත් දෙක එක්කහු කරලා මට වැඳ වැටෙන එක….

“මි…ස්…! කරුණාකරලා මේක ගැන කෙළ බිඳක් හලන්න එපා.. මම වඳින්නම්..!!”

-ඉතිරිය හෙට
By Samitha Lakshan

(මෙම සත්‍ය කතාවේ තොරතුරු මා වෙත සපයා දුන් ගීත්මි ඉසුරිකා සොයුරියට බෙහෙවින් ස්තුති වන්ත වන අතර, කතාවේ බොහෝ නම් ගම් ආදිය පුද්ගලිකත්වය තකා වෙනස් කොට ඇති බව කරුණාවෙන් සලකන්න.)

අවධානයට:දියණියන් සිටිනා මවුවරුණි, පියවරුණි, මේ ඔබේ අවධානය පිණිසයි !1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.2. පිටස්තරයින් ඉදිරිපිටදී කිසිම දියණියකගේ ඇදුම් මාරු කරන්නෙපා.3. මේ මගේ බිරිඳ,මේ මගේ පෙම්වතිය ලෙස විහිළුවටවත් දරුවාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.4. පුංචි දියණිය යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට,ඇය ආශ්‍රය කරන යාලුවෝ ගැන හොදින් සැලකිලිමත් වෙන්න. ඔබ නොදන්නවා උනාට බොහෝ දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්වී තිබිය හැක. ඔබේ දියණියටද ඔවුන්ගේ අත්දැකීම් වල වැරදි ප්‍රතිපල හිමිවිය හැක.5. දරුවා ප්‍රතික්ෂේප කරන,ගැවසීමට අකමැති,ඇසුරු කරන්න අකමැත්තක් දක්වන වැඩිහිටියන් ලගට යන්න කවදාවත් බල කරන්න එපා.6. බොහොම ක්‍රියාශීලීව,කෙළිදෙලෙන් කාලය ගත කරපු ඔබේ දරුවා ක්ෂණිකව වෙනස් වුනාද? නිහඬද? හැකි ඉක්මනින් දරුවා පිලිබදව අවධානය යොමු කර, දරුවාට ආදරය ලබා දී දරුවා පිලිබදව සොයා බලන්න. ඉවසිලිමත්ව දරුවාගෙන් ඒ පිලිබදව විමසන්න.7. දරුවා නරඹන කාර්ටුන්,චිත්‍රපට සහ පරිඝනක ක්‍රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්‍රියාවන්ට යොමු විය හැක.8. අන්තර්ජාලයට භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න.9. දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න.ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.10. පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න,ඇදුම් අදින ආකාරය සහ සියලු දේ.11. ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.12. නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක් පමණක් උරුම කරාවී.

(මෙම උපුටා ගැනීම – Rankoth – ශ්‍රී.)

Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close