free statistics

සරුංගලයක නූලක් එකම පවුලේ දෙදෙනෙකුට මරු කැඳවු හැටි


කැඩී ගිය සරුංගලයක නූලක් පැටලී යතුරු පැදියක් පෙරලී යාමෙන් එකම පවුලේ මවක් සහ වයස අවුරුදු 01 හමාරක දරුවෙකු මිය යාමේ අවාසනාවන්ත පුවතක් බූස්ස පිටිවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම අනතුර ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පිටිවැල්ල නිපුණ නාවික හමුදා කඳවුර අසලදීයි.

අනතුරින් තුවාල ලැබූ මිය ගිය කාන්තාවගේ සැමියා සහ හය හැවිරිදි පුත්‍රයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. කැඩී ගිය සරුංගලයේ නූල මාර්ගය හරහා වැටී තිබී ඇති අතර යතුරු පැදිකරු විසින් එය ඉවත් කිරීමට යාමේදී යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ඉවතට පැන යතුරු පැදිය පෙරලීගොස් තිබෙනවා.

මියගිය කාන්තාව 34 හැවිරිදි වියේ පසු වූ අතර ජිවිතක්ෂයට පත්වූ ඇගේ දරුවාගේ වයස අවුරුදු 01යි මාස 06ක්. යතුරු පැදිකරු සිය දරු දෙදෙනා සහ බිරිද සමග මව්පියන් බැලීම සඳහා ගාල්ලේ සිට රත්ගම දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. යතුරුපැදිකරු කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සැරයන්වරයෙකු බවයි පොලිසිය පැවසුවේ.

මියගිය කාන්තාවගේ සහ වයස අවුරුදු 01 හමාරක් වන ඇගේ දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close