free statistics

ඩෙල්ටා කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් 300කට වැඩි පිරිසක්


ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේදී මෙරට තුළ ව්‍යාප්තවන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනද ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේදී මෙරට තුළ සුලභ වශයෙන් පැතිර යාමේ අවධානමක් මතුව ඇති බවයි.

මේ වන විට මෙරටින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 35කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගෙන තිබෙනවා. එම සංඛ්‍යා දත්ත අනුව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 300කට වැඩි පිරිසක් මෙරට තුළ සිටිය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ. මේහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් විවිද ප්‍රදේශවලින් වාර්තා වෙමින් ඇති පසුබිමක සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම සුදුසු නොවන බවයි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close