free statistics

නිවසක මිදුලේ වලදමා තිබූ මිලියන 13.9 ක් සොයා ගනියි


කොට්ටාව, පන්නිපිටිය, හිරිපිටිය ප්‍රදේශයේ ඊයේ (17) දිනයේ සිදු කළ වැටලීමකදී නිවසක මිදුලේ වලලා තිබූ රුපියල් මිලියන 13.9ක් වටිනා මුදලක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චරිත් සඳකැලුම් නොහොත් රන් මල්ලි නමැති පුද්ගලයාගේ බිරිඳගේ සහෝදරයා තාවකාලිකව නැවතී සිටි නිවෙසක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

සොයාගත් මෙම මුදල් අයතා ලෙස උපයා ගත් මුදල් බවට අනාවරණය වී තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close