free statistics

ආර්ථික සංවර්ධන හා මුදල් ! – බැසිල් අද ඇමැති ධූරයේ දිවුරැම් දෙයි


බැසිල් රාජපක්‍ෂ මහතා අද (8 දා) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ කැබිනට් ඇමැතිවරයකු වශයෙන් දිවුරුම් දෙනු ඇත.

ඒ මහතා බොහෝ දුරට ආර්ථික සංවර්ධන හා මුදල් කැබිනට් ඇමැති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇමැති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව බැසිල් රාජපක්‍ෂ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිතය.

කැබිනට් ඇමැති ධුරයේ හා මන්තී‍්‍ර ධුරයේ දිවුරුම් දීමෙන් පසු අද (8 දා) පෙරවරුවේ අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමට ද නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ජයන්ත කැටගොඩ මහතා මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතා නම් කරමින් වූ විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම මගින් ප‍්‍රකාශයට පත් කෙරිණි.

පාර්ලිමේන්තු සජීව විකාශය පෙ.ව 10.00 සිට පහතින් නැරබිය හැකියි…


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close