free statistics
කෙල්ලගෙන් කරදරයි, ගුරුකමක් කරමුයි,බුත්තල si පුතාටත් කියලා

කෙල්ලගෙන් කරදරයි, ගුරුකමක් කරමුයි,බුත්තල si පුතාටත් කියලා


2 shares

ලැගුම්හලකට තම අනියම් පෙම්වතිය රැගෙන ගොස් ඇය මරා හිස කඳින් වෙන්කිරීමට තරම් පොලිස් පෙම්වතා සැහැසි වූයේ ඇයගෙන් ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් තිබූ කරදර, හිරිහැර නිසා බවට සැක කරන තොරතුරු මේ වනවිට පොලිස් විමර්ශකයන්ට ලැබී තිබේ.

මේ බව තම පියා තමාටද පැවැසූ බව මියගිය උප පොලිස් පරීක්ෂකගේ වැඩිමහල් පුතා පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී වරෙක පවසා තිබිණි. එමෙන්ම ඉකුත්දා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට බඩල්කුඹුර මියගිය උප පොලිස් පරීක්ෂකගේ නිවෙසට ගිය වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම ඉදිරියේද ඔහු ප්‍රකාශ කර ඇත්තේ “පුතේ මේ කෙල්ලගෙන් මට හරිම කරදරයි. පුළුවන් නම් ගුරුකමක් කරලා හරි මාව එයාගෙන් බේරගන්න” යනුවෙන් පියා පැවැසූ බවයි.

තවත් වරෙක බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ මියගිය අයගේ පුතා සඳහන් කර තිබුණේ “තාත්තා   මට ඔය ප්‍රශ්න කිව්වා. මේ කෙල්ලගෙන් මට හරි කරදරයි. මාව බ්ලැක්මේල් කරන්න හදනවා” කියාය.

එමෙන්ම උප පොලිස් පරීක්ෂකවරයා මියයන්නට පෙර ලියන ලද ලියුමේද ඒ බව සඳහන් කර ඇත. “මම එයා කියපු හැමදේම කළා. ඉල්ලපු හැමදේම දුන්නා. පස්සේ ඔයාටයි  ළමයින්ටයි බනින්න ගත්තා. මට එපා වුණා. නවත්තමු මේ සම්බන්ධය කියා මා කිව්වා. එහෙම බැහැ කියලා එයා නොයෙක් දේ කළා. ඒක ඔයා දන්නවා” ඔහු ලියුමේ කොටසක එසේ සඳහන් කර තිබිණි. ඒ අනුව උප පොලිස් පරීක්ෂක පෙම්වතාට ඇය කරදරයක් වී ඇති බව විමර්ශනවලදී පෙනී යන දෙයක්. එබැවින් ඇගෙන් සිදුවන කරදරයත් තම කසාද බිරියට හා දරුවන්ට සිදුවන අපහාසයත් මත ඔහු පෙම්වතිය මරා ගෙල කපා දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මෙම පෙම් ආරවුල නිසා උප පොලිස් පරීක්ෂක හා ඔහුගේ නීත්‍යනුකූල බිරිය අතර ආරවුල් පැනනැඟී තිබූ අතර ඇය ඔහු සමඟ කතාබස් කිරීමද නතර කර තිබිණි

-කීර්ති මෙන්ඩිස්


Like it? Share with your friends!

2 shares

One Comment

Your email address will not be published. Required fields are marked *

close