free statistics

සාමාන්‍ය පෙළ අදින් අවසන් – සිසුන් අත්අඩංගුවට ගන්න නියෝග


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) අවසන් වීමට නියමිතය.

ඒ අනුව අද දින පෙරවරු කාලයේ පමණක් විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

විභාගය අවසන් වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවල කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම්දෙයි.

සිසුන් හෝ බාහිර කණ්ඩායම් නීතිවිරෝධී ක්‍රියාවල යෙදුණහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

කොවිඩ් -19 මාර්ගෝපදේශයන්ට පටහැනිව කටයුතු කළහොත් හෝ පොදු දේපලවලට අලාභහානි සිදුකළහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close