free statistics

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පළාත් අතර සංචරණ සීමා ගැන ගත් තීන්දුව


පළාත් අතර සංචරණ සීමා ජූලි 5 වන දා සිට තවත් දින 14ක් දක්වා දීර්ඝ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, පළාත් අතර සංචරණ සීමා ජූලි 19 වන දා දක්වා ක්‍රියාත්මක වේ.

තව ද දැනට ලිහිල් කර ඇති සංචරණ සීමා ජූලි 19 වන දා දක්වා ලිහිල්ව පවත්වා ගන්නා බවත් එම දින 14න් පසු නැවතත් තත්ත්වය සමාලෝචනය කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

තව ද එම කාල සීමාව සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර තිබේ.

වසංගත තත්ත්වයේ වෙනස්වීම් අනුව ලිහිල් කරන ලද සංචරණ සීමා සංශෝධනය විය හැකි බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

අදාළ සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close