free statistics

ආපු ගමන් තෙල් මිල අඩු කරන්න බැසිල් ශක්‍රයා නොවෙයි – බැසිල් ආවත් තෙල් මිල අඩු නොවන හැඩයි


1 share

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා විශාල ශක්තියක් වනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අද පෙරවරුවේ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම විවෘත කිරිමේ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ යනු හොඳ සංවිධායකවරයෙක් වන අතර තමන් වෙත පැවරුණු සියලු වගකීම් සාර්ථකව ඉටු කළ නායකයෙක් බවයි.

“බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් මම පෞද්ගලිකව කැමති. අද කවුරු මොනවා කිව්වත් 2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණි අවස්ථාවේදී ගෝඨාභය මහත්තයා යු’ද්ධෙ කරන්න බාර ගන්න කොට යු’ද්ධ’යෙන් රටේ ආර්ථිකය කඩා වැටෙන්න නොදී ආර්ථිකය ශක්තිමත් කළ නායකයා වන්නේ බැසිල් රාජපක්ෂයි.

ඒ වගේම එතුමාගේ සංවිධාන ශක්තිය ගැන කතා කළොත් දෙදහස් පහළොවේ මහින්ද මහත්තයා පැරදුන වෙලාවේ මහින්ද සුළඟේ හිටපු කෙනෙක් තමයි මම.

නමුත් මහින්ද සුළඟත් එක්ක ආපු පාර්ලිමේන්තු මැතිවරණය අපි පරාදයි. එදා සිද්ද වුණේ කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක්. නමුත් ඊට පස්සේ මේ රටේ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්න පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න ජනාධිපතිවරණය වැඩි බලයකින් ජයග්‍රහණය කරන්න නායකත්වය දුන්නේ පොහොට්ටුව නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මහතායි.

එතුමාට හොඳට වැඩ කරන්න පුළුවන් නායකයෙක්. එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළොත් එය ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ගෙන යන වැඩපිළිවෙලට ලොකු ශක්තියක් එක් කරනවා.

අපිට තව අවුරුදු හතරක් ඉදිරියට තියෙනවා. මේ වසංගතයක් එක්ක අපි දැන් අවුරුදු එකහමාරක් ගැටෙනවා. 2022 අවසාන වෙනකොට ලෝකයේම එන්නත්කරණය සාර්ථකව සිදු වුණාට පසුව රටේ ආර්ථිකය ගොඩ ගැනීමට පුළුවන් කියලා කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා මේ වෙනකොට කරලා තියෙන දේවල් ගැන අද කවුරුත් කතා කරනවා අඩුයි.

මේ වසංගතයක් එක්ක අපේ රට විතරක් නෙමෙයි ලෝකයම ආර්ථික වශයෙන් කඩා වැටිලා තිබෙනවා.අපි මේ වෙනකොට හිස ඔසවා ගෙන රජය මේ ගෙන යන වැඩ පිළිවෙලත් එක්කයි.”

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයෙන් අනතුරුව ඉන්ධන මිල පහල දමන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් රජය තෙල් මිල ඉහළ දැමූයේ අවුරුදු 2කට පසුව බව ඇතැමුන්ට අමතක වී ඇති බවයි.

පාර්ලිමේන්තුවට පැමිණි සැනින් තෙල් මිල අඩු කිරීමට බැසිල් රාජපක්ෂ යනු ශක්‍රයා නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනු ලැබුවා.

“ඇතැම් රටවල මාස තුනකට වරක් තෙල් මිල ඉහළ නංවනවා. නමුත් අපේ රජය ජනතාව පිට එවැනි බරක් පටවන්න සූදානම් නැහැ.නමුත් ඉදිරියේදී ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වුණොත් ලංකාවෙ තෙල් මිල අඩු කරන එක ගැන සලකලා බලනවා. අද වෙනකොට විදේශ ශ්‍රමිකයින් දහස් ගණන් ලංකාවට එමින් සිටිනවා. ඒ අයව නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්.ඒ අයගෙන් රටට එන ආදායම් මේ වෙනකොට අහිමි වෙලා තිබෙනවා.

සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම නිසා එමගින් ලැබෙන ආදායමත් අහිමි වෙලා තිබෙනවා. බදු වලින් ලැබෙන ආදායමෙන් විශාල කොටසක් අහිමි වෙලා තිබෙනවා.මේ හැම දෙයක්ම අහිමි කරගෙන රටේ ජනතාවට රුපියල් පන්දහක සහනයක් ලබාදීමට කටයුතු කිරීම ගැන අද කතා කරන්නේ නැහැ.”

-ada


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close