free statistics

උපතින්ම ලැබුණු අවලස්සන, ජීවිතයේ හැරවුම කරගත් ඔහු ලොවක් දිනූ හැටි – Photos


අපි බොහෝ දෙනෙක් උපතින් ලැබෙන රූප ස්වභාවය ගැන සැහීමකට පත් වෙන්නේ නෑ.ඒකට ප්‍රධාන හේතුව තමන්ට වඩා ගොඩක් ලස්සන හොඳ උස මහත , ලස්සන පාටක් තියෙන අය එදිනෙදා අපිට දකින්න ලැබෙන එක.එවැනි ලස්සන පෙනුමක් ඇති අය දැක්කම ඉබේම තමන්ගේ පෙනුම ගැන අවතක්සේරු කරගන්නා පිරිස් ඕනෑ තරම් අපි අතර ඉන්නවා.

හැබැයි උපතින් ලැබෙන රූප ස්භාවය ලස්සන වුණත් අවලස්සන වුණත් දෛවය ඔබට ලැබිය යුතු වටිනාකම අංශු මාත්‍රයකින්වත් අඩු කරන්නේ නෑ.ලැබිය යුතු ඉහළම වටිනාකම සුදුසු කාලයේ සුදුසු විදියට තමන්ට ලැබේවී.

මේ ඉන්නේ ඊට කදිම උදාහරණයක්..

ගොඩ්ෆ්‍රි බැගුමා කියන්නේ උගන්ඩානු ජාතිකයෙක්.උපතින් ලැබුනු රූපය දකින කෙනෙක්ගේ හිතක් දිනා ගන්න තරම් යහපත් නොවුණත් ඔහුගේ ජිවිතය වෙනස් කරන්න මේ පෙනුම උදව් වෙනවා.බැගුමාගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය වෙන්නේ ඔහුගේ අවලස්සන පෙනුම.ලෝකයේ අවලස්සන පුද්ගලයා තේරීමේ තරඟයේ 2002 අවුරුද්දේ කිරුළ හිමි කරගන්නේ ගොඩ්ෆ්‍රි බැගුමා.එදා ඉදන් ඔහු ලෝකයේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙනවා.

මුල් කාලයේ සපත්තු මහන්නෙක් විදියට සේවය කළත් පසුව ගායකයෙක් , නළුවෙක් , මල්ලවපොර ශූරයෙක් විදියට විවිද වෘත්තීන්වල නියලෙන්න ඔහුට අවස්ථාව ලැබෙනවා.

දැන් ඔබට හිතෙනවා ඇති මේ ඔක්කෝම ලැබිලත් බැගුමාව විවාහ කරගන්න නම් කාන්තාවක් ඉදිරිපත් වෙන්න නැතුව ඇති කියලා.හැබැයි ඔහු තුන් වරක් විවාහ වෙනවා. විවාහ තුනෙන් දරුවන් අට දෙනෙකුගේ පියෙක් වෙන්නත් බැගුමා වාසනාවන්ත වෙනවා.

මේ සියලු අවස්ථා ඔහුට ලැබෙන්නේ අවලස්සන පෙනුම ලෝකප්‍රසිද්ධ වුණාට පස්සේ.කිසිම දවසක තමන් විසින් තමන්ව ප්‍රතික්ෂේප කරන්න එපා. වාසනාව අවාසනාව විදියට වෙස් වලාගෙනද එන්න පුළුවන්.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close