free statistics

පත්තර කියන කතා බොරු! මම ඇමැතිකම් ඉල්ලලත් නෑ!! ඇමැතිකමක් ගන්නෙත් නෑ!!! මෛත්‍රීපාලගෙන් දැඩි නිවේදනයක්


පරිසර අමාත්‍ය ධූරය තමන් විසින් ඉල්ලා ඇති බවටත්, එම අමාත්‍ය ධූරයේ තමන් දිව්රුම් දෙන බවටත් ඇතැම් පුවත්පත් පළ කොට ඇති ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවෙන් තමන් තනතුරු ඉල්ලා නැති බවත්, කිසිදු තනතුරක් ගැනීමට තමන් බලාපොරොත්තු නෙවන බවත්ය.

මෙම නිවේදනය හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුවේ තැබීමටද පියවර ගෙන ඇත.

එහිදී බොහෝ අය සිරිසේන මහතාගේ එම තීන්දුව අගය කරමින් ප්‍රතිචාර දක්වා තිබීම විශේෂ සිදුවීමකි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයකි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරි දිනකදි කැබිනට් අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිතව ඇති බව අද දින (28) මාධ්‍ය තුල පළවු වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය වාර්තාවක් බව අවධාරණය කර සිටිමි.

හිටපු ජනාධිපතිතුමා අමාත්‍යධුරයක් හෝ කිසිදු තනතුරක් තමාවෙත ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලිමක් කර නොමැති අතර එවැනි කිසිදු තනතුරක් ලබාගැනිමට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලාපොරොත්තු නොවන බව ප්‍රකාශ කර සිටිමි

-mawratanews


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close