free statistics

හෙට වැඩට එන්න බලාගෙන ඉන්න ඔබටයි මේ – හෙට සිට ක්‍රියාත්මක දුම්රිය කාලසටහන මෙන්න


2 shares

හෙට (ජූනි 28) දින සිට දුම්රිය ගමන් වාර 70ක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් හෙට සිට ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, මීරිගම වේයන්ගොඩ හා ගම්පහ සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 11ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම, දකුණු කළුතර, වාද්දූව, පානදුර, මොරටුව හා ගල්කිස්ස සිට ගමන් වාර 12ක් ද, කැළණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල හා පාදුක්ක සිට ගමන් වාර 5ක් ද, පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා මීගමුව සිට ගමන් වාර 8ක් ද වශයෙන් කොළඹ කොටුව සහ මරදාන වෙත උදෑසන දුම්රිය ගමන් වාර සැලසුම් කර තිබේ.

එලෙස ම සවස් කාලයේද එම දුම්රිය ප්‍රමාණය ම කොළඹ කොටුව සහ මරදාන සිට අදාළ ප්‍රදේශ දක්වා ධාවනය වීමට නියමිත ය.

අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගීන් වෙනුවෙන් හෙට සිට පළාත් අතර දුම්රිය ධාවනයට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණ ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය නොලැබීම මත පළාත් අතර දුම්රිය ධාවනය සිදු නොවන බව ද කසුන් චාමර මහතා පැවසීය.

හෙට සිට ක්‍රියාත්මක වන දුම්රිය ගමන් වාර සහ වේලාවන් පහත සටහන්හි දැක්වේ.


Like it? Share with your friends!

2 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close