free statistics

ආණ්ඩුවේ වැඩ ගැන කලකිරී ඇල්ලේ හිමි හඬා වැටෙයි! | ආණ්ඩුවට එරෙහිව උසාවි යන්නත් ලෑස්ති වෙයි! | ViDEO


වත්මන් ආණ්ඩුව ‌රටේ වටිනාම ඉඩකඩම් විකුණා දැමීමට සැලසුම් කර ඇති බවත්, නිවටයන් ලෙස ජීවත් නොවී ඊට එරෙහිව අධිකරණයට යාමට ලබන සතියේ තමන් වහන්සේ සැලසුම් කර ඇති බවත් ඇල්ලේ ගුණවංශ හිමියෝ කීහ.

බුදුන් වහන්සේට පූජා කළ රටක් රැකගැනීම තමන් වහන්සේගේ යුතුකමක් බවත්, මේ රට නැතිවීමට ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ කීහ.

හිරු නාළිතාව සමගින් වැඩසටහනකට එක්වෙමින් මෙසේ ප්‍රකාශ කරද්දී ඇල්ලේ හිමියන් වඩාත් සංවේදී වූ අතර උන්වහන්සේගේ දෙනෙතින් කදුලු කඩාහැලෙනු දැකගත හැකි විය.

මීට එරෙහිව තමන් වහන්සේ වැඩපිළිවෙළක් සකස් කිරීමට නායකත්වය ගන්නා බවද ඇල්ලේ හිමියෝ කීහ.

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා ඇල්ලේ හිමියන්ද විශාල දායකත්වයක් සපයා තිබිණ

-mawrata


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close