free statistics

දෙවියන් වහන්සේ විසින් තමන්ට ලැම්බෝගිනියක් දෙනු ඇතැයි සිතා දින 40ක් නිරාහාරව සිටි මාක්


සිම්බාබ්වේ රැකියා විරහිත මාක්ට තම පෙම්වතියට ලැම්බෝගිනි මෝටර් රථයක් තෑගි කිරීමට අවශ්‍ය විය..තමාට අවශ්‍ය රුපියල් කෝටි 1.54 ක් ලබා ගැනීමට ක්‍රමයක් නොමැති නිසා එය දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටීමට ඔහු විසින් තීරණය කර ඒ වෙනුවෙන් ඔහු දින 40 ක් නිරාහාරව සිටීමට තීරණය කර තිබේ. ඉන් පසු මොහු කටවත් සොයා ගැනීමට නොහැකි වන පරිදි අසල වනලැහැබකට ගොස් තිබෙනවා

මරණාසන්නව සිටි ඔහුව ඔහුගේ හිතවතුන් විසින් දින 33 කට පසු සොයා ගැනීමට සමත් වී ඇති අතර ඔහුව බින්දුරා මහ රෝහලට ගෙන ගොස් ඇත.

මාක්ගේ සමග පල්ලි යන අය ලැම්බෝගිනිය මිලදී ගැනීම සඳහා මුදල් රැස් කිරීම සඳහා අරමුදලක් ආරම්භ කර ඇති අතර ඔවුන්ට එකතු කර ගත හැකිව තිබෙන්නේ රුපියල් 3000 ක් පමණි.

අරමුදලේ උපයා ගත් මුදල් වලින් මාක්ගේ රෝහල් බිල්පත් පියවීම සඳහා යොදාගෙන ඇත


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close