free statistics

දරුවාට පහරදුන් යාපනයේ මව යළිත් පරිවාසය භාරයට


1 share

තම දරුවාට අමානූෂීය අන්දමින් පහර දුන් යාපනයේ මනියතෝට්ටම් ප්‍රදේශයේ කාන්තාව ලබන 23 වෙනිදා දක්වා යළිත් පරිවාස භාරයට පමුණුවන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබෙනවා.

අදාළ කාන්තාව පරිවාස නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන විත් තිබුණේ ඇය යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතරවාරයේයි.

මෙහිදී ඇය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කොට තිබූ වෛද්‍ය වාර්තාව වලින් එක් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර ඉන් ප්‍රකාශ වී තිබුණේ ඇය තවමත් යහපත් මානසික මට්ටමක නොමැති බවයි.

ඒ අනුව ඇයව තව දුරටත් ප්‍රතිකාර කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කරණ ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර පසුව ලබා ගන්නා පරිපූර්ණ විද්‍ය වාර්තාවක් මාර්තු මස 23 වෙනි දිනට අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පොලිස් පරීක්ෂණ වල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අධිකරණ නියෝගයට අනුව මව යපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇගේ මාස නවයක් වයස දරුවා පරිවාස නිලධාරීන් විසින් පරිවාස භාරයට රැගෙන ගොස් තිබෙනවා.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close