free statistics

කාන්තා හිංසනය ඡායාරූපයට නැගූ දක්ෂයා – කාන්තා පිරිමි හැමදෙනාම නැරඹිය යුතුම ඡායාරූප පෙළක්


කාලෙකින් සටහනක් තැබිය යුතු කාලයක සිටිමි යැයි සිතමි.පින්තූර පෙලෙන් මා කීමට අදහස් කරන කතාව ඔබට වැටහේ යැයි අනුමාන කරමි.කෝරෝනා වසංගතයත් සමගම ලෝකය පූරා සීග්‍රයෙන් වර්ධනය වන “කාන්තා හිංසනය” පිටු දැකීම මෙහි මූලික පරමාර්ථය වූනා. ගැහැනියගේ දුක-කදුල-වේදනාව-ජායාරූපශිල්පියෙකු ලෙස මාගේ වෘත්තීය මට්ටමින් මෙවැනි නිර්මාණයක් සිදු කිරීමට හැකි වීම පිළිබද ඇත්තේ නිහතමානී සියුම් ආඩම්බරයකි…

අදහස ඇවිත් දවස් 3කින් මේ විදියට මේක කරන්න පුලුවන් වුනේ නිර්මාණයේ කතා නායිකාව වන ඕෂධි හිමාෂා කාවින්දී මට ලබා දුන්න සහයෝගය නිසාමයි. නිරෑපිකාවක් විදියට ඇයගේ පරිණතභාවය මෙහිදී මෙහි සාර්ථකත්වයට රැකුලක් වුනා. ඒ වගේම බෙහෙවින් ස්තූති විය යුතුයි ඇයගේ ආදර සැමියත් මේ නිර්මාණය සදහා මට අපූරෑ සහයෝගයක් දැක්වූවා. ඕෂදීව මේ විදියට පාට කලේ සුභාෂ් අබේවික්‍රම මල්ලී. ඇත්තෙන්ම මේ Shoot එකේ ඉන්නේ ඕෂදීමද කියන එක ගොඩක් වෙලාවට ඔබට සිතෙන කාරණයක් වේවී.ඒ තරම් සියුමැලී වේෂ නිරෑපනයක් අපි මෙහිදී භාවිතා කලා….
ඒ වගේම මෙහි භාවිතා වුන හැම නිෂ්චල උපකරණක්ම නිදි මරාගෙන එක රැයින් හැදුවේ මමමයි.කවි ටිකත් පුලුවන් විදියට හදිස්සියේ ලියව්වා. මම කැමතියි මේ පින්තූර දකිද්දී එන අදහස් ඔබ කවී වලින් මෙහි සටහන් කරනවා නම්…..

අපි හැමෝම අපේ අම්මාට ගොඩාක් ආදරෙයි…ලෝකයේ වෙසෙන හැම ගැහැණියක්ම අම්මා විදියට සලකලා අපි ආදරේ කරමූ…ගරැ කරමු….කාන්තා හිංසනය පිටු දකිමු…”කාන්තාවට- මගේ අම්මාට මේ නිර්මාණය උපහාරක්ම වේවා…!!!”

ලක්මාල් සිංහාරගේ – Instragram https://bit.ly/3wJ0Zc9

ඡායාරූප සියල්ල පහතින් බලන්න..

#1 තාඩන පීඩන…නින්දා ගැරවුම්…නේක පබැදුම්…උරැම ඇය…

#2 සගවනු එපා ලෝකයෙන්….ඉඩදෙන්න විහිදෙන්න සුවද දෙන නෙලුමක්ව…..

#3 වලාකුලේ තරැකැට හැංහිලා,පෑව මදහස කදුලු වල බොද වෙලා,ගයනු බැරි ගීයක තනි වෙලා,යකඩ පට මත ඈ හිරවෙලා

#4 ගොලු කරනු එපා !,සිර කරනු එපා !,වැට බදිනු එපා !,මුව වසනු එපා !

#5 ලිහා දමන්න බැදි පවුරැ,දෙපා සවිමත්ව දැඩිව,මටත් හැක නැගිටින්න,ලෝකයක් ඉදිරියේ….

#6 කදුලු පමණක්ම මතක තබා ලොවට සිනා දෙන ඇය…..

#7 සියල්ල අවසන…හැමදාම අසන පිරිමියාගේ සොදුරැ වචනය…..I’m Sorry…….

#8 දෙනු එපා ගින්දරක්සු මුදු මුදු ගැහැනියට….දවන්නට නොවේ ඇය නිවන්නට ලෝකයම

#9 වසන්තය ඇයයි….ගිම්හාන කාලයට පිපෙන්නට ඉඩ හරිමු හෙට සුවද මලක්ව….

#10 මලානික මුහුණ මත වැතිරී පාපතර වෑයම් හුස්ම පොද වැටෙනකන් ජීවිතේ එක්ක සටනක….

#11 සුදෝ සුදු පිච්ච මල් පාත්තර පුද පුදා පන්සලක් පල්ලියක් කෝවිලක් අත නොහැර පිංකමේ යන…පාදපරිවාරිකාවන්ගේ තෙවැනි සිල් පද බිදින මහත්වරැන්ගෙන් උදුරාන මොණර කොල….නියං අහසට හූල්ලන…. කුටුම්බිය රැක ගන්න ….නිවන් නොව අපා යන …. නියගලා මල……………

#12 ජීවය දකින්නට අවැසි අසන්නට අවැසි මිහිරි දෑ පමණි….

#13 බොහෝ සුන්දර සිනාවන් යට ලියවිලා දුක්බර කතා ඇත…. දිලෙන ලස්සන නෙත් දෙකක් යට ගුලිව සීතල කදුලු බිදු ඇත සානූකම්පිත හදවතක් යට පිරී තෙරපෙන වේදනා ඇත දිනෙක කාටත් හොරෙන් වැලි යට ඒ කතා මිහිදන්ව යනු ඇත….

#14 සියල්ල අවසන…. සියල්ලෝ නිර්දෝෂී වූහ…. මා පමණක් දිවියෙන් සමුගෙන වැරදීකාරී වුනෙමි…….

#15 වලාකුලේ තරැකැට හැංහිලා පෑව මදහස කදුලු වල බොද වෙලා ගයනු බැරි ගීයක තනි වෙලා යකඩ පට මත ඈ හිරවෙලා

#16 මලින් පෙති විහිදා සුවද විහිදන්නට බැරි…. නටුවට කටු හොදින් හුරැ නම්දු වසන්තයට පෙර පරවී හැලුනි…..

#17 වේදනාව මිනිස්සුන්ව දෙවිදියකට වෙනස් කරනවා… සමහරැ නපුරැ වෙනවා….. සමහරැ නිහඩ වෙනවා…..

#18 කදුලු වලින් සැරසුවා ඇති රෝස කම්බුල් ඈටත් ඇති වැලපිලා හැමදාම……

#19 ගැහැණු හිතට ගැහැණු බඩඩ බඩගින්නට හිමි මුකවාඩමද අද…?

#20 උපකාරය….උපහාරය… අන්ධකාරයෙන් යදම් බිද ලෝකය දකින ලෙස පමුණුවීම නොවෙද…..

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30

#31

#32

#33

#34

#35

#36

#37

#38


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close