free statistics

හිස නොමැති කාන්තා මළසිරුරේ අයිතිය තහවුරුයි – DNA වාර්තාව මෙන්න


1 share

පසුගිය 1 වනදා කොළඹ – වේල්ලවීදියේ බෑගයකින් සිරුර සොයා ගත් තරුණියගේ හිස සිරුරෙන් වෙන් කර ඇත්තේ ඇය ඝාතනය කිරීමෙන් පසුව බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඇයගේ මරණය සිදුව ඇත්තේ අවසන් වරට ආහාර ගෙන පැය දෙකත්, 3ත් අතර කාලයකදී බවයි. එමෙන්ම ඇය ගැබිණියක් නොවන බව ද එහි සඳහන්.
මේ අතර අදාල තරුණියගෙන් ලබාගත් DNA සාම්පල, ඇයගේ මවගේ සහ සහෝදරයාගෙන් ලබාගත් DNA සාම්පල සමඟ සිදුකළ පරීක්ෂණවලදී සැසදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ අද සඳහන් කළා.

පසුගිය මාර්තු 01 වන දා කොළඹ – වේල්ල වීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක් තුළ තිබී මෙම මළ සිරුර සොයා ගැනුණු අතර, පසුව අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලීසිය සමත් වුණා.

කෙසේ වෙතත්, අදාළ කාන්තාවගේ හිස මෙතෙක් සොයාගෙන නොමැති අතර DNA පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමත් සමඟ අදාළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරුණා.

මේ අතර තරුණිකයක ඝාතනය කර ඇගේ හිස නොමැති මළ සිරුර වේල්ලවීදියට ගෙනවිත් දැමූ උප පොලිස් පරීක්ෂකවරයා පිටෙහි එල්ලා ගෙන සිටි බවට සැක කෙරෙන බෑගය පුළුස්සා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේදී අදාළ බෑගය පුළුස්සා ඇති බවටයි.

බෑගයට අමතරව උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට නිවසට පැමිණි අවස්ථාවේ හැද සිටි ටී-ෂර්ටය ද පුළුස්සා ඇති බවට මීට පෙර අනාවරණ වී තිබුණා.

එමෙන්ම, ඉදිරි දින කිහිපය තුළ දී ද උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සදහන් කළේ.

Video Sponsor – Hiru Gossip


Like it? Share with your friends!

1 share

One Comment

Your email address will not be published. Required fields are marked *

  1. මේකි වේස කමේ යන එකියක්. පන්සලේ හාමුදුරු කෙනෙක් එක්ක ඉදලත් මාට්ටු වුනා අපේ ගමේ

close