free statistics
‘දැන් සැපද’ අහමින් ඉන්ධන මිලට විරෝධය පා බක්කි කරත්තයකින් පැමිණි පිරිසක් අත්අඩංගුවට

‘දැන් සැපද’ අහමින් ඉන්ධන මිලට විරෝධය පා බක්කි කරත්තයකින් පැමිණි පිරිසක් අත්අඩංගුවට


තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරන පුවරු ප්‍රදර්ශනය කරමින් බක්කි කරත්තයක නැගී ගාල්ල, මාගාල්ලේ පාලම අසල සිට ගාල්ල නගරයට පැමිණි සිව් දෙනෙකු බක්කි කරත්තය ද සමග අද (ජූනි 19) දහවල් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිවරයෙකුගේ පුත්‍රයෙකු ද සිටින බව පොලිසිය පැවසීය.

මෙම පුද්ගලයින් සිව් දෙනා ගාල්ල නගරයට ආසන්න වෙමින් සිටියදී සංචරණ සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ ජංගම මුර සංචාරක පොලිස් නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිදු කළ විමර්ශනවලදී අනාවරණයවී ඇත්තේ, ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මෙම පිරිස බක්කි කරත්තය කුලියට ගෙන පැමිණ ඇති බවය.

ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close