free statistics
දොළදුක සංසිඳුවනු පිණිස ආණ්ඩුව කරන සාහසික නාඩගම වහා ම නතර කළ යුතුයි - සජිත් ප්‍රේමදාම

දොළදුක සංසිඳුවනු පිණිස ආණ්ඩුව කරන සාහසික නාඩගම වහා ම නතර කළ යුතුයි – සජිත් ප්‍රේමදාම


එක් පුද්ගලයකුගේ හෝ කිහිපදෙනකුගේ ‍දොළදුක සංසිඳුවනු පිණිස ආණ්ඩුව මිනිස් ජීවිත සමග කරනු ලබන මේ සාහසික නාඩගම වහා ම නතර කළ යුතු අතර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සිය පළමුවන, දෙවන සහ තෙවන න්‍යාය පත්‍රය බවට පත්කර ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ආණ්ඩුව පුරුදු පරිදි අපේ රටේ පුරවැසියන් පරීක්ෂණාගාර මීයන් බවට පත්කිරීමේ අලුත් ම නාඩගම ආරම්භකොට ඇති බවත් රටේ ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකර ඒ ජීවිත සමග සෙල්ලම් කිරීම ආණ්ඩුවේ සුපුරුදු පිළිවෙත බව ආණ්ඩුවේම වගකිව යුත්තන් ප්‍රසිද්ධියේ ම පවසා ඇති බවත් විපක්ෂ නායකවරයා පවසයි.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“කොරෝනා ව්‍යසනය ලෝකයේ ආරම්භ වූ වකවානුවේ ලොව සියලු ම රටවල් සංචාරකයන්ට සිය රටවල් වසා දමද්දී ලංකාව දැන්වීම් පළකොට කොරෝනා සහ සංචාරකයන් ගෙන්වාගත් ආණ්ඩුවක් මේක. ඊට පසුව දෙවැනි රැල්ල ආරම්භ වන විටද ආණ්ඩුව යුක්‍රේන සංචාරකයන් ගෙන්නුවා.

නිරෝධායන නීතිරීති අමු අමුවේ උල්ලංඝණය කරමින් ගෙනා යුක්‍රේන සංචාරකයන් කිසිදු පාලනයකින් තොරව රට පුරා සංචාරය කළා. යුක්‍රේන සංචාරකයෝ ගෙන්නුවේ කොරෝනා බෝ වෙනව ද කියා පිරීක්ෂා කිරීමට යැයි වගකීම් විරහිත, සාහසික උත්තර ලබාදුන් ආණ්ඩුවක් ලෙස වත්මන් ආණ්ඩුව ඉතිහාසගත ය.

මේ නවතම තීන්දුව එකී දුෂ්ඨ අරමුණෙහි තවත් දිගුවකි. රටේ වර්තමාන තත්ත්වය හමුවේ පැන නැඟී ඇති ගැටලු 5කට විසඳුම් අපේක්ෂා කරමින් නිකුත් කර ඇති මෙම මාධ්‍ය නිවේදනයේ තවදුරටත් මෙසේ ද සඳහන් වේ.

1. රට පුරා සංචරණ සීමා මෙන් ම ‘ලොක්ඩවුන්’ ක්‍රමවේදය සිදුවන අතරේ සංචාරකයන් ගෙන්වා රටට කරන්නට යන විනාශයේ තේරුම කුමක් ද?

2. ආණ්ඩුව විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දෙවන පෙළ පුරවැසියන් ගාණට දමා විදේශිකයන්ට ප්‍රමුඛතාවය ලබාදීමෙහි අරමුණ කුමක් ද?

3. මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක් සිය පුරවැසියන්ට ලංකාවේ සංචාරය නොකරන ලෙස ඉල්ලා සිටින තත්ත්වයක් තුළ අපේ රටේ බලධාරීන් මෙරටට සංචාරකයන් ගෙන්වාගෙන මේ සූදානම් වන්නේ යුක්‍රේන ව්‍යසනයේ දෙවැන්න ආරම්භ කොට නව පොකුරකට ‍දොරටු විවර කරන්නට ද?

4. මේ හරහා ලොව පුරා පැතිර ඇති නිරන්තරයෙන් වෙනස්වන නව කොරෝනා ප්‍රභේද රටට ආනයනය කරන්නට කටයුතු කරන ආණ්ඩුවට එය එසේ නොවන බවට ආණ්ඩුවට දිය හැකි සහතිකය කුමක් ද?

5. ලොව පුරා රටවල් සිය පුරවැසියන්ගේ ආරක්ෂාව උදෙසා ඉතාමත් වගකීම් සහගත ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙත් දිනපතා ආසාදිතයන් තුන්දහසක් ඉක්මවමින් හමුවන තත්ත්වයක් තුළ සහ මරණ සංඛ්‍යාව ඉතා භයානක ලෙස ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ මේ රට තවත් බිහිසුණු රැල්ලකට හිතාමතාම තල්ලු කරමින් ආණ්ඩුව කරන මේ හිතුවක්කාරී, දුර්ධාන්ත ක්‍රියාවලියේ තේරුම කුමක් ද?”


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close