free statistics

විල්සන් කරූට එක නීතියක්, පියුමිට එක නීතියක්, අපේ පොලීසිය මෝස්තර නිරූපිකාවන්ටත් බයයි – චමුදිත සමරවික්‍රම – VIDEO


වෙනත් රටවල වැරදිකරන පුද්ගලයින් පොලීසියට බය උනත් අපේ රටේ පොලීසිය මෝස්තර නිරූපිකාවන්ටත් බය වී ඇති බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පවසා සිටිනවා..ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහන අතරතුරදීය.

නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් රංගන ශිල්පී විල්සන් කරූ පැය ගණනාවක් පොලීසියේ තබා ගත් බවද ඔහු පවසා සිටියා.එමෙන්ම යාපනය ප්‍රදේශයේ නිවසක උපන්දින සාදයක් පැවැත්වූ පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර එම පවුල්වල සාමාජිකයින් නිරෝධායනයට ලක් කිරීමටද පොලීසිය පියවර ගත් බවද ඔහු පවසා සිටියා.

නමුත් මෝස්තර නිරූපිකාවකට සහ මනාලියන් හැඩගන්වන පුද්ගලයෙකු නිරෝධායන නීත් කඩ කරමින් ශැන්ග්‍රීලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ඇතැමුන් සහනාදායී ලෙස ක්‍රියාකිරීම ලැජ්ජා සහගතබවද මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පවසා සිටියා.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ හොද සන්නිවේදකයෙක් වුවත් ඔහුගේ සුරංගනා කතා වලින් මේ ප්‍රශ්න යට ගැසිය නොහැකි බව ඔහු මෙහිදී පවසා සිටියා.

යලිත් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ විසින් එවන නිවේදන මින් ඉදිරියට තමා නොකියවන බවද මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පවසා සිටිනවා.

එම වීඩියෝව පහතින් බලන්න..

Lakdivapuwath.com


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close