free statistics

ගිනිගත් නැවේ තිබූ විෂ ද්‍රව්‍ය ගැන පළමු වරට අනාවරණයක් – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විද්‍යුත් තැපැල් පණිවුඩ රැසක් CID සොයා ගනියි


ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් මෙරට තුළ ගොඩබෑමට රැගෙන ආ ඒවා නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. එහි සභාපති ජෙනරාල් දයා රත්නායක කියා සිටියේ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 81 ක් නෞකාව තුළ තිබූ බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දින සිට නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ මව් සමාගමත් දේශීය නියෝජිතයාත් අතර සිදුවූ විද්‍යුත් තැපෑල පණිවුඩ සියල්ල පිළිබඳ අධ්‍යනයක් කර එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා

අප්‍රේල් 27 වන දින සිට මේ දක්වා කාලය තුළ එලෙස පාර්ශ්වයන් අතර හුවමාරු වී ඇති තොරතුරු ඊට ඇතුළත් බව ඔහු ප්‍රකාශ කළා.

විමර්ශන නිලධාරීන් අද දිනයේදී එම නෞකාව නිරීක්ෂණය කිරීමට යෑමට බලාපොරොත්තු වන බවත් ඊට රජයේ රස පරීක්ෂකවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු එක්වීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close