free statistics

චන්දිමාල් සහ පියුමි හංසමාලි ඇතුලු පිරිස නිරෝධායනයට – චමුදිත නාට්ටාමියෝ උඹ ඇස් දෙකෙන් දැක්කද? | VIDEO


3 shares

කොළඹ ප්‍රදේශයේ තරු පංතියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ පුද්ගලයන් 13 දෙනා සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මෙන්ම නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා..රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය වෙනුවෙන් කොළඹ තරු පන්තියේ හෝටලයක සාදයක් සංවිධාන කර තිබුණේ පසුගිය 30 වනදා රාත්‍රියේදියි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සහ සංචරණ සීමා කඩ කරමින් අදාළ සාදයට 30 කට ආසන්න පිරිසක් සහභාගි වී ඇති බවයි පොලිසිය අනාවරණ කළේ.උපන්දින සාදය පැවැත්වීම සම්බන්ධයෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පසුගිය 31 වනදා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට පියවර ගැනුනා.

එම උපන්දින සාදයට එක්වූ 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන අද කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.එහිදී අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය එම පුද්ගලයින් 13 දෙනාට ඇප ලබාදුන් බව හිරු ප්‍රවෘත්ති අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට පත්වූවන් අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක් සහ ඇයගේ සැමියා ද සිටියා.චමල් ශුශාන්ත ගුණසේකර වන ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකරගේ පුත්‍රයෙක්.


Like it? Share with your friends!

3 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close