free statistics

අත්‍යවශ්‍ය සේවා බව දක්වමින් ව්‍යාජ ⁣ලිපි රැගෙන එන්නන්ටත් ලිපි සකසන්නන්ටත් කරන්න යන දේ


සංචරණ සීමා ක්‍රියාත්මක කාල සීමාවේදී අත්‍යවශ්‍ය සේවාවල සාමාජික සාමාජිකාවන් ලිපියක් සමග ගමන් කිරීමේදී ඔවුන්ගේ සේවය අදාළ ආයතනය වෙත අවශ්‍ය ද යන්න සඳහන් එම ලිපියේ නිර්ව්‍යාජත්වය පිළිබඳව සොයා බැලීමට අද (ජූනි 01) දිනයේදී විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

යම් පුද්ගලයෙකුගේ සේවය අත්‍යවශ්‍යව නොතිබියදී හෝ සේවයට වාර්තා නොකර තිබියදී අදාළ දිනයේදී එවැනි ලිපි නිකුත් කළ පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන මෙන් ම කූට ලේඛන සකස් කිරීම යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ ද කටයුතු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අද (ජූනි 01) දින 23,000 ට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් පොලිස් මාර්ග බාධකවලදී මේ සම්බන්ධව පරීක්ෂා සිදු කිරීමට නියමිත බවත් අනවශ්‍ය ලෙස එලෙස සේවයට කැඳවා නොමැති විටෙක පැමිණ ඇත්නම් එය නිරෝධායන නීති උල්ලංඝණය කිරීමක් සේ සලකා කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, ඊයේ (මැයි 31) දිනයේ දී වාහන විශාල සංඛ්‍යාවක් කොළඹ නගරය තුළ දක්නට ලැබුණු අතර ඉන් බොහෝ පිරිසක් අත්‍යවශ්‍ය සේවාවල අය බවට හඳුන්වා දුන් බවය.

එබැවින් එවැනි ලිපිවල නිර්ව්‍යාජත්වය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අත්‍යවශ්‍ය ම රාජකාරී කටයුත්තක් හෝ සේවාවක් සඳහා සේවයට කැඳවා නොතිබේ නම් එවැනි ගමන් සිදු නොකරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close