free statistics

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය රනිල්ට


පසුගිය වසරේ පැවැත්වූ අගෝස්තු පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් මට්ටමෙන් කිසිදු ආසනයක් ලබා ගැනීමට නොහැකි වූ අතර එම පක්ෂයට හිමි වුණේ එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි.

එලෙස එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් තිබුණු එක්සත් ජාතික පක්ෂය මැතිවරණය අවසන්ව මාස දහයකට අවසන් කාලයක් මේ වන විට ගතව ඇතත් එම පුරප්පාඩු මන්ත්‍රීධුරය සම්පූර්ණ කිරීමට කටයුතු කර නැහැ .

නමුත් පසුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ද විවිධ අවස්ථාවල කියා සිටියේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු අසුන වෙත යා යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයේ දී හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කර තිබෙනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close