free statistics

ලිපි පෙන්වා වැඩට ගිය අත්‍යවශ්‍ය සේවා පුද්ගලයින් ගැන පොලිසිය සොයයි


අද දිනයේදී සේවයට කැඳවීමේ ලිපි පෙන්වා කොළඹ නගරයට පැමිණි අත්‍යවශ්‍ය සේවා වලට සම්බන්ධ පුද්ගලයින් ඔවුන්ගේ කාර්යාල තුළ රාජකාරියේ යෙදී සිටින්නේද යන්න පිළිබඳව සොයා බැලීමට පොලිසිය විසින් විශේෂ සොයා බැලීමක් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

” කොළඹ නගරයට අද දිනයේදී අත්‍යවශ්‍ය සේවාවල සේවයේ නියුතු බවට පවසමින් බොහෝ දෙනෙක් සේවා හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානීන්ගේ ලිපිය සහිතව පැමිණ තිබු බවට හෙළිවෙලා තියෙනවා. නමුත් රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් පැවසුවේ එලෙස පැමිණි පුද්ගලයින් සතුව තිබු ලිපි නිකුත් කිරීම අක්‍රමවත්ව සිදුකර ඇති බවට පෙනී ගොස් තිබෙනවා කියායි.

ඒ අනුව මහරගම, ගල්කිස්ස, වත්තල, කැලණිය සහ පෑලියගොඩ ප්‍රදේශවල පිහිටි පොලිස් මාර්ග බාධකවලදී අත්‍යවශ්‍ය සේවා බවට හඳුන්වා දෙමින් පැමිණි පුද්ගලයින් අතරින් 1000 කට ආසන්න පිරිසක් සතුව තිබු සේවයට කැඳවීමේ ලිපිවල ජායාරූප පොලිසිය අහඹු ලෙස මගින් ලබාගෙන තිබෙනවා.

එම ලිපිවලට අනුව අදාළ පුද්ගලයින් අද දිනයේදී රාජකාරියේ යෙදී සිටියේද නැද්ද යන්න ගැන සොයා බැලීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් සිදුකරන්න කටයුතු යොදා තිබෙනවා. එහිදී යම් හෙයකින් අදාළ පුද්ගලයා රාජකාරියට කැඳවීමක් සිදුකර නොමැති බවට අනාවරණය වුවහොත් හෝ ඔහු සේවයේ යෙදී සිටියේ නැත්නම් අදාළ ලිපිය නිකුත් කළ තැනැත්තා කුඨ ලේඛන සැකසීමේ චෝදනාව යටතේ මෙන්ම සේවයට යන බව පවසා අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාවට අදාළ සේවකයාට නිරෝධායන රීති කඩකිරීමේ චෝදනාව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

-නෙත්


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close