free statistics

ප්‍රතිකාර ලබමින් සිටින සජිත්ගෙන් විශේෂ ඉල්ලීමක්


මෙරට ජීවත්වන ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති පිරිස් වෙත එන්නත්කරණය සිදුකරන ලෙස විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා එම ඉල්ලීම සිදුකර තිබෙන්නේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

කොවිඩ් වසංගතයෙන් බලවත් පීඩාවකට සහ අසාධාරණයකට පත්වු පිරිසක් ලෙස ඔවුන් හැඳින්විය හැකි බවත් එන්නත්කරණ ලැයිස්තු සඳහා එම පිරිස් ඇතුළත්ව නොමැති බවද පෙන්වා දෙනවා.

එබැවින් කොරෝනා ව්‍යසනයේ බරපතළ තත්ත්වය ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති පිරිස භුක්ති විඳිමින් සිටින බවත් සාමාන්‍ය පුරවැසියන් හා සම අයිතිවාසිකම් මෙන්ම වරප්‍රසාද ඔවුන්ට හිමිවිය යුතුව ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close