free statistics

ව්‍යාපාරික දානපති යුවළකට අයත් බදුල්ලේ තෙමහල් නිවස ආයුර්වේදයට පරිත්‍යාග කෙරේ


බදුල්ල නගරයේ ජීවත් වන ව්‍යාපාරික දානපති යුවළකට අයත් බදුල්ල නගර මධ්‍යයේ පිහිටි තෙමහල් නිවාසයක් ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත.

ව්‍යාපාරික බුද්ධදාස සමරජීව (71*, අයරින් හිල්ඩා ලියනගේ (67* නමැති යුවළට අයත් ඔවුන් පදිංචිව සිටින බදුල්ල පර්ලින් පුද්ගලික ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යාබදව පිහිටි තෙමහල් ගොඩනැඟිල්ල මෙසේ පරිත්‍යාග කර ඇත.

මෙම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවට හිමි වන්නේ දානපති යුවළ මියයෑමෙන් පසුවය. එතෙක් පළමු මහල ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා පරිහරණය කිරීමට පුළුවන.

මෙම ගොඩනැඟිල්ල හාලිඇල ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවට අනුබද්ධිතව පංචකර්ම සහ විශේෂ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යෑමට නියමිතය. ආයුර්වේද රෝහල්වල නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන්ට ලබාදෙන විශේෂ ප‍්‍රතිකාර මෙම මධ්‍යස්ථානයට පැමිණ දිනපතා ලබාගැනීමට හැකි බව ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය දිල්මා පේ‍්‍රමතිලක මහත්මිය පැවසුවාය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close