free statistics

බස්නාහිර පළාතේ වාහන හිමියන්ට විශේෂ දැනුම් දීමක්


බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා අදායම් බලපත්‍ර නිකුත් කිරීම ජූනි 6 වන දා දක්වා අත්හිටුවා ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. කාන්ති විජේතුංග මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරිය සඳහන් කරන්නේ, බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා අදායම් බලපත්‍ර නිකුත් කිරීම මැයි 28 දක්වා අත්හිටුවා තිබුණු බවත් එය තවදුරටත් ජූනි 6 වන දා දක්වා දීර්ඝ කර ඇති බවත් ය.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය පවසයි.

එමෙන් ම, ජූනි 30 වන දා දක්වා කල් ඉකුත් වූ ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේ දී දඩ මුදල් අය නොකරන බව ද ලේකම්වරිය දැනුම් දෙයි.

එසේ වූව ද http://www.motortraffic.wp.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් අදායම් බලපත්‍ර ලබා ගත හැකිය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close