free statistics

අම්මා නැතිවුණා තාත්තා වෙනතක ගියා විවාහය බිඳ වැටුණා නංගිලා දෙන්නා බලාගෙන මම ඉන්නෙ – ලෝචනා හංසමාලි ජයකොඩි


මම A/L කරන්න ඉන්නකොට තමයි අම්මා නැතිවෙන්නේ…අම්මට හැදෙනවා ලෙඩක්..පෙනහළු නරක් වෙනවා එයාගේ සෙමට…අම්මා අසනීප වෙන්න පටන්ගත්ත දවසේ ඉදලා මම පාසල් යන එක පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනවා මොකද මට නංගිලා දෙන්නෙක්නේ ඉන්නේ ගෙදර හැම වගකීමක්ම හැම දෙයක්ම කරන්නේ මම…A/L කරන්න ඉස්කෝලෙකට ගියාට මට A/L කරන්න වෙන්නේ නෑ…අම්මවයි නංගිලා දෙන්නවයි ඔක්කොම බලාගන්නේ මම..අම්ම අසනීප වෙන්නේ මුලින්ම අම්මා නැතිවෙච්ච අවුරුද්දේ ජනවාරිවල…මුලින්ම එයා පිළියන්දල HOSPITAL එකේ දෙපාරක් admit කරනවා දෙපාරක්…ඊට පස්සේ කළුබෝවිල HOSPITAL එකේ දෙපාරක් admit කරනවා….තුන්වෙනි පාර එයාට admit කරනවා කොළඹ මහ රෝහලේ…අපේ මාමා කෙනෙක් එනවා ගමේ ඉදලා අපේ අම්මගේ අයියා එයාට ඇත්තටම අම්මව බලන්නආස හිතිලා ඇත්තටම අපි කාටවත් කියලා තිබ්බේ නෑ අම්මා අසනීපයි කියලා…ඇවිත් අම්මා කෝ ඇහුවාම අපි කිව්වම HOSPITAL එකේ කියලා එයා මාර විදිහට අවුල් ගියා…අම්මට මාමා දැක්කට පස්සේ ගමේ යන්න ආස හිතුනා අසනීප හොද වෙලා ගෙදර අවට පස්සේ එයාට සැරෙන සැරේට තමයි අසනීප වෙන්නේ…ඉතිං කොහොම හරි මම නංගිලා දෙන්නවයි අම්මවයි තියාගෙන මම බස් එකේ යනවා කලින් මාමා යනවා…

මාවනැල්ල අම්මගේ ගම කැස්බෑව පිටකොටුව 120 බස් එකෙ ගිහිල්ලා එතන ඉදලා මාවනැල්ලට යනවා අම්මව දාගෙන නංගිලා දෙන්නත් එක්ක…මට ඊට පහු වෙනිදා තියෙනවා WEDDING එකක් පස්සේ මම අම්මව දාලා නංගිලා දෙන්නත් එක්කම කොළඹට එනවා…මගේ හොදම යාළුවගේ පුංචි බඳින්නෙ මට ඒකට එන්න වෙනවා මොකද මමත් හිටියා bridesmaid කෙනෙක්ට…ඒකට ඇවිල්ලා මම අනිත් පැත්තට මාවනැල්ලට යනකොට අම්ම ඉන්නේ මාවනැල්ල HOSPITAL එකේ අම්මා ආයිත් අසනීපවෙලා….එදා ඉදලා දවස් ගානක් මම අම්මා ගාව ඉන්නේ…ආච්චි එනවා උදේට කෑම අරගෙන මම HOSPITAL එකේම ඇඳුම් මාරු කරගෙන අම්මා ගාවම හිටියා…අම්මා ඉපදිච්ච HOSPITAL එක තමයි මාවනැල්ල HOSPITAL එක…අම්ම නැති වෙන්නේත් ඒ HOSPITAL එකේමයි මං ගාවමයි….”

සම්පූරණ වැඩ සටහන පහතින් බලන්න..

ඇයගේ සුන්දර ඡායාරූප පෙලක්

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

අපි ඇයගේ ගමනට සුබපතමු


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close