free statistics
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය බෑගයක් හමු වෙයි - ගෙනවිත් දැමුවේ යැයි සැක කරයි..

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය බෑගයක් හමු වෙයි – ගෙනවිත් දැමුවේ යැයි සැක කරයි..


යාපනය චෙම්මිණි ප්‍රදේශයේ සුසාණ භූමියක බෑගයක් තුල තිබූ අධිබලැති පුපරණද්‍රව්‍ය කිලෝ 02 ක් සහ ඩෙටනේටර් සමගින් ඊයේ (08) දින සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය යුදහමුදා බුද්ධි අංශයට චෙම්මිණි සුසාණ භූමිය අසල සැකකටයුතු පාර්සලයක් දමා ගොස් ඇති බවට ලැබුනු තොරතුරකට අනුව යුදහමුදාව, පොලීසිය , පොලිස් විශේෂ කාර් ය බලකාය අදාල ස්ථානයට ගොස් සිදු කරන ලද පරික්ෂාවකදී චෙම්මිණ සුසාණ භූමියට පිවිසෙන දොරටුව ආසන්නයේ සුදු පැහැති පොලිතීන් බෑගයක් තුල අදාල අධිබැලැති පුපුරණද්‍රව්‍ය තොගය තිබී ඇත.

පසුව යාපනය අධිකරණ නියෝගයකට අනුව යුදහමුදාව සහ පොලිස් විශේෂකාර් ය බලකාය විසින් අදාල පොලිතීන් බෑගය පරික්ෂා කිරීමේදී බෑගය තුල තිබී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 02 ක්, සේවානූල් මීටරයක් සහ විදුලි නොවන ඩෙටනේටර් 02 ක් තිබී සොයාගනු ලැබීය.

අදාල බෑගය (07) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් එම ස්ථානයට දමන්නට ඇති බවට ආරක්ෂක අංශ විසින් සැක පල කරන අතරම බෑගය සුසාන භූමිය අසලට රැගෙන ආ අය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරනය වී නොමැත.

සොයාගත් අධිබලැති පුපුරණද්‍රව්‍ය අදාල ස්ථානයට රැගෙන ආවේ කුමන අරමුණක් සඳහාද යන්න පිළිිබඳවත් රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳවද ආරක්ෂක අංශ විසින් පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


Like it? Share with your friends!

One Comment

Your email address will not be published. Required fields are marked *

close