free statistics

විශ්වවිද්‍යාල අපේක්ෂකයින් සඳහා විශේෂ නිවේදනයක්


පවතින කොරෝනා තත්ත්වය හමුවේ 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල අයදුම්කරුවන් සඳහා මාර්ගගත ක්‍රමයට (ONLINE) පමණක් ලියාපදිංචි වීම ප්‍රමාණවත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා උපුටා දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවා.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මාර්ගගත ක්‍රමයට (ONLINE) ලියාපදිංචි වූ පසුව ලබාගනු ලබන පිටපත මේ මොහොතේ පවතින තත්වය හමුවේ ලියාපදිංචි තැපෑල ඔස්සේ යොමු කිරීම අත්‍යාවශ්‍ය නොවන බවත්,රට සාමාන්‍යකරණයට පමණි පසු එය ලියාපදිංචි තැපෑල ඔස්සේ යොමු කිරීම ප්‍රමාණවත් බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close