free statistics

නෞකාවේ ගින්න හේතුවෙන් වැස්සට තෙමෙන්න එපා


1 share

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවෙන් පිටවූ නයිටි්‍රජන් ඩයොක්සයිඩ් වායුව නිසා ඉදිරියේදී කොළඹ ඇතුළු දිවයිනේ තදාසන්න ප්‍රදේශවලට “අම්ල වැසි“ ඇතිවීමේ අවදානමක් පවතින බැවින් එම වැසිවලට නිරාවරණය නොවන ලෙස සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳුපුර මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

එම අම්ල වැසිවලට නිරාවරණය වුවහොත් සමෙහි කැසීම්, රතුවීම් වැනි අසාත්මිකතා ඇතිවීමට බෙහෝදුරට ඉඩ ඇති බවද එම නෞකාවෙන් වැටුණු භාණ්ඩ එකතු කළ පුද්ගලයන්ගේ ශරීරවලද කැසීම්, හම ගැලවීම් වැනි අසාත්මිකතා ඇතිවී තිබෙන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද ඇය පැවැසුවාය. මෙම වැසිවල තිබෙන ආම්ලික තත්ත්වය නිසා ලෝහ භාණ්ඩවලට දැඩි හානි සිදුවීමටද ඉඩ ඇති බැවින් රථවාහන හැකි තරම් ආවරණය කර තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද සභාපතිනිය දන්වා සිටියාය.

විද්‍යාත්මක ප්‍රවේශයක් මත පදනම්ව වායුගෝලයට විමෝචනය වන නයිටි්‍රජන් ඩයොක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමඟ මිශ්‍රවීමෙන් නයිටි්‍රක් අම්ලය හෙවත් “ඇසිඩ් වැසි“ ඇතිවන බවද මේ අවදානම හඳුනාගැනීම සඳහා තාක්ෂණික වාර්තාවක් කැඳවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ලහඳුපුර මහත්මිය පැවැසුවාය.

මෙම ආම්ලික වැසි හේතුවෙන් ගංගා, ළිං, ඇළ‍ෙදාළවලට හා පරිසරයේ වෙසෙන සත්ත්වයන්ට සිදුවන හානිය පිළිබඳව ප්‍රකාශ කළ හැකි වන්නේ මේ පිළිබඳව සිදුකරන තාක්ෂණික ක්‍රමවේදයකින් පසුව බවද සභාපතිනි ලහඳුපුර මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close