free statistics

‘අනේ මට ග හ න්න එපා’ උන්වහන්සේ මැරයන්ට වැන්දා | මසුන් මැ රී ම පාපයක් කී හාමුදුරුවෝම ම රා දැමූ තිරිසන්නු


මේ සටහන තබන මොහොත වන විට සියල්ල සිදු වී හමාරය. පසුගිය මස 28 වැනිදා තමන්වහන්සේ වැඩසිටි විහාරස්ථානයේදීම අමානුෂික ලෙස පහරකෑමට ලක් වූ කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථාන විහාරාධිකාරී තිත්තගල්ලේ දේවානන්ද හිමියන් මාතර මහා රෝහලේ දින පහළොවක් පමණ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 16 වැනිදා අපවත් වූහ. මේ මොහොත වන විට දේහය පිළිබඳ අවසන් කටයුතු ද සිදු කර අවසානය. සිද්ධියේ තුච්ඡ ම්ලේච්ඡත්වය හේතුවෙන් ගත වූ සතිය පුරාම මේ රටේ මිනිසුන් කම්පනයට පත්වී සිටි බවද සැබෑය. එහෙත් දැන් අප මේ ලියැවිල්ල ලියනුයේ එම නින්දිත අපරාධයේ මතකය සමාජය විසින් අමතක කිරීම ආරම්භ කරනු ලබනා මුල්ම තත්ත්පරයේදීය. විසිහතර පැයේ පිරිත් ඇසෙන මේ රටෙන් මෙතරම් පව්කාර කතා ඇසෙනුයේ ඕනෑම නින්දිත අපරාධයක මතකය සතියක ඇවෑමෙන් අප ජීවත් වන සමාජය අමතක කරන කරුමය නිසාය. දැන් අප මේ කතාව කියනුයේ අහස, පොළොව නුහුලන මේ මහා අපරාධය කළවුන් නීතියේ රැහැණින් ගැලවීමට පෙර ඒ කාලකණ්ණි පව්කාරයන්ගේ ම්ලෙච්ඡත්වය ගැන සමාජය දැනුවත් කිරීමටය.

වැලිගම, ගොවියාපාන, කපුවත්ත බෞද්ධ ජනතාවට තම ආගමික වතාවත් සිද්ධ කරගැනීමට විහාරස්ථානයක් නොතිබූ පසුබිමක 2014 වර්ෂයේදී ශී‍්‍ර විවේකාරාම විහාරස්ථානය ආරම්භ විය. අනේක විධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් එම විහාරස්ථානය පවත්වාගෙන යනු ලැබුවේ ගමේ ප‍්‍රජාශාලාවේය. එහෙත් වරින්, වර එම විහාරස්ථානයට වැඩම කරන ස්වාමීන් වහන්සේලා දීර්ඝ කාලයක් එහි වැඩ නොසිටීහ. ඒ ප‍්‍රදේශයේ විවිධ වූ දුෂ්කරතා නිසා ස්වාමීන් වහන්සේනමකට වැඩසිටීමට තරම් එම විහාරස්ථානයේ සුදුසු වාතාවරණයක් නොතිබූ නිසාය. එවැනි කටුක පසුබිමක, වසර දෙකකට ඉහතදී කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයට තිත්තගල්ලේ දේවානන්ද හාමුදුරුවෝ වැඩම කළහ. උන්වහන්සේ වැඩම කළ දා සිට විහාරස්ථානය දියුණු කිරීමට මෙන්ම ගම තුළ යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඇප කැප වී කටයුතු කරගෙන ගිය බව ප‍්‍රදේශවාසීන් මෙන්ම අවට විහාරස්ථානවල නායක හාමුදුරුවෝ ද අප සමඟ කරුණු පැහැදිළි කළහ. මේ පෙළගැසෙන්නේ වැලිගම ගුරුබැබිල ශ‍්‍රී නාගමහා විහාරස්ථානයේ විහාරාධිපති, වැලිගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී, සාම විනිසුරු පූජ්‍ය දෙනගම රාහුල නායක ස්වාමීන්වහන්සේ අප සමඟ පැවසූ අදහස්ය.

‘‘දේවානන්ද හාමුදුරුවෝ විහාරස්ථානයට වැඩම කළාට පස්සේ මේ ගම සුමඟට ගන්න වෙහෙස මහන්සි වෙලා කැපවීමෙන් කටයුතු කරගෙන ගියා. පන්සල අවට පිරිසිදුව තබාගැනීමට උන්වහන්සේ ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරන බවක් අපි දැක්කා. පන්සල වටා මල් වවලා සුන්දර පරිසරයක් බවට පත් කරගෙන තිබුණා. ගමේ දායකයොත් උන්වහන්සේගේ මගපෙන්වීම යටතේ විහාරස්ථානය දියුණු කිරීමට මහන්සි වන බවත් අපිට පෙනුණා. ඒ වගේම ගොවියාපාන ගඟ ශී‍්‍ර විවේකාරාම විහාරස්ථාන භූමිය අසළින් ගලා බැසීම නිසා ඒ අවට තවත් සුන්දර වුණා. හරිම ලස්සන ගඟක්. ඔය ගෙඟ් ධීවර රස්සාව ස්ථිර වශයෙන්ම කරන පිරිසක් නෑ. ප‍්‍රදේශයේ ලියාපදිංචි ධීවර සමිතියකුත් නෑ. ඒත් කිහිපදෙනෙක් විහාරස්ථානය ඉදිරිපස ගෙඟ් මාළු ඇල්ලීම සිදුකරනකොට දේවානන්ද හාමුදුරුවෝ ඒ පව්කාර වැඬේ නොකරන ලෙසට අවස්ථා කිහිපයකදී ධාර්මිකව උපදෙස් දීලා තිබුණා. තම උපදෙස් කනකට නොගෙන මාළු මැරීම සිදු කරගෙන යනකොට උන්වහන්සේ වැලිගම පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබුණා. උන්වහන්සේගේ ඉල්ලීම වෙලා තිබුණේ විහාරස්ථානය ඉදිරිපස මීටර් හතළිහක් විතර කොටස අතහැර ඉන් එහාට ඕන දෙයක් කරගන්නා ලෙසයි. පොලිසියේ පැමිණිලි කළත් විහාරස්ථානය ඉදිරිපිට ගෙඟ් මාළු ඇල්ලීම නතර වෙලා තිබුණේ නෑ…’’

‘‘පහුගිය මාසේ 29 වැනිදා සවස හතරට විතර තරුණයෙක් විහාරස්ථානය ඉදිරිපස ගෙඟ් මාළු ඇල්ලීම සිදු කරගෙන ගිහින් තිබුණා. දේවානන්ද හාමුදුරුවෝ ගඟ ළඟට ගිහින්, මාළු ඇල්ලීම නතර කරන ලෙසට ඒ තරුණයාට අවවාද කර තිබුණා. ඒ මොහොතේ තරුණයා ගඟ ළඟින් ගිහින් එදා හැන්දෑවේ ත‍්‍රීරෝද රථයකින් තවත් කිහිපදෙනකු සමඟ විහාරස්ථානයට පැමිණ, සංඝාවාසය තුළ සිටි දේවානන්ද හාමුදුරුවන් එළියට ඇඳගෙන ඇවිත් අමානුෂික ලෙස පහර දීලා තිබුණා. විහාරස්ථානය අවට පදිංචිකරුවන්ගේ දැනුවත් කිරීම මත වැලිගම පොලිසියෙන් පැමිණ සිද්ධිය වෙච්ච මොහොතේම උන්වහන්සේ මාතර මහ රෝහලට ඇතුළත් කරලා තිබුණා. දවස් පහළොවක් ප‍්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ පසුගිය 16 වැනිදා අපවත් වුණා. උන්වහන්සේ අපවත්වීමත් සමඟ ප‍්‍රදේශවාසීන් දැඩි ලෙස සංවේගයට පත්වෙලා ඉන්නවා. ඒ වගේම ප‍්‍රදේශයේ ජනතාවගේ එකම ඉල්ලීම මේ අපරාධය කළ සියලූදෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන ලෙසයි. මහා සංඝරත්නය වශයෙන් අපගේ ඉල්ලීමත් එයයි…’’ දෙනගම රාහුල නායක හාමුදුරුවෝ නිහඬ වූහ. දැන් අපි පව්කාර මැර පිරිස දේවානන්ද හාමුදුරුවන්ට පහරදෙන අයුරු දෑසින් දුටු ඩබ්. කේ. වීරසිංහ මහත්මිය කියන සංවේදී කතාවට ඇහුම්කන් දී සිටිමු.

‘‘ඔය සිද්ධිය වෙනකොට මම හිටියේ ගේ ළඟ. හිටි හැටියේ අපේ දුව ‘අම්මෙ ඉක්මනට එන්න…’ කියලා කෑගැහුවා. මම බලනකොට ඩිලාන් පන්සල ඇතුළෙ හිටිය හාමුදුරුවන්ට ගහලා උන්වහන්සේ වැටිල හිටියා. මම දුවලා ගිහින් ‘පව් වැඩ කරන්න එපා…’ කියලා එතන ඉන්න අයට කෑගැහුවා. එහෙම කියනකොට එතැන හිටිය එකෙක් මටත් ගහන්න ආවා. මම එළියට දිව්වා. පස්සෙ උන් එකතු වෙලා හාමුදුරුවන් එළියට ඇදගෙන ඇවිත් ඇල්බීසියා ලීයක් කැඩෙනකම් හාමුදුරුවන්ට ගැහුවා. බයට කවුරුවත් බේරන්න ඉදිරිපත් වුණේ නෑ. අපිට කරන්න කිසිම දෙයක් තිබුණෙත් නෑ. අනේ… අපේ හාමුදුරුවෝ ‘ගහන්න එපා’ කියලා උන්ට වැන්දා. එතකොට හාමුදුරුවන්ගේ ඇෙ`ග් සිවුර තිබුණෙත් නෑ. අඳනෙත් ගැලවිලා ගිහිල්ලා. පස්සෙ තවත් දෙන්නෙක් ඇවිල්ල ගහපු කෙනාව ඇදගෙන යනවා අපි දැක්කා. සේරම පස්දෙනෙක් එතන හිටියා. උන් ගියාට පස්සේ වැටිලා හිටිය හාමුදුරුවෝ ළඟට අපේ පුතා ගියා. හාමුදුරුවන්ගේ ඇෙ`ග් වස්ත‍්‍රයක්වත් නොතිබුණු නිසා බෙඞ්ෂීට් එකක් දාලා උන්වහන්සේව වැහුවා. උන්වහන්සේගේ මූණට වතුර ඉහලා, පොවලා අපිට පුළුවන් දේවල් කළා. ඊට පස්සෙ දර්ශන ඇවිත් පොලිසියට කතා කරලා තවත් අය එකතු කරගෙන හාමුදුරුවන් ඉස්පිරිතාලෙට අරගෙන ගියා…’’ ඒ සිද්ධිය මතක් කරන විටත් ඇයගේ දෑස්වල කඳුළු පිරී ඇති අයුරු අපට පෙණිනි. එමෙන්ම මෙවැනි පව්කාර කතා ඇසීම ද පාපයකි. එහෙත් උන්වහන්සේ විහාරස්ථානයට වැඩම කළ කාලයේ සිට උපස්ථාන කළ ආර්. බී. දර්ශන කියන කතාවට අප ඇහුකන් දිය යුතුමය.

‘‘දේවානන්ද හාමුදුරුවෝ පන්සලට වැඩිය මුල් කාලයේ ඉඳලා ගමේ දානමානවලට සහභාගි වෙලා මිනිස්සු එක්ක සුහදව කටයුතු කරගෙන ගියා. ඒ වගේම ගමේ නැති බැරි මිනිසුන්ට උදව් උපකාර කරලා, මිනිසුන්ව පින්දහම්වලට යොමු කිරීමට ගොඩක් වෙහෙසුණා. උන්වහන්සේ අපි කාගේත් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළා. කොරෝනා පළමු, දෙවැනි රැළි රට පුරා පැතිරෙමින් මහා ව්‍යසනයක් කිරීමට සැරසුණ මොහොතේ උන්වහන්සේ බෝධි පූජා, සෙත් ප‍්‍රාර්ථනා ආදී නොයෙකුත් පූජාවන් සිදු කරමින් ප‍්‍රදේශයේ ජනතාවට වගේම ලෝකවාසී ජනතාවට නිරෝගී සුවය ප‍්‍රාර්ථනා කළා. උදේ, හවස සත්‍යක‍්‍රියා කර, මල් පහන් පූජා කරලා මිනිස්සුන්ට සෙත් පැතුවා. වසංගත තත්ත්වය රට පුරා පැතිරෙමින් ඇඳිරිනීතිය පැන වූ අවස්ථාවලදී, කිසිවකුට කරදරයක් නොවන ආකාරයට විහාරස්ථානය තුළම දානය සකස් කරන්න මට උපදෙස් දුන්නා. ඒ කටයුතුවලට උන්වන්සෙත් උදව් වුණා. උන්වහන්සේ මේ පන්සලට වැඩම කරපු දවසේ ඉඳලා උපස්ථාන කරගෙන හිටියේ මමයි. ඒත් උන්වහන්සේට මේ අපරාධය වෙච්ච දවසේ මම විහාරස්ථානයේ හිටියේ නෑ. උන්වහන්සේ රෝහල්ගත කරපු මොහොතේ ඉඳලා උපස්ථාන කරගෙන ළඟ හිටියෙත් මමයි. පහුගිය 16 වැනිදා උදේ තමයි අපේ හාමුදුරුවෝ අපවත් වුණේ…’’ අසූනව වැනි වියෙහි පසු වූ තිත්තගල්ලේ දේවානන්ද හිමියන්ට උපස්ථාන කරමින් දර්ශන මහා පුණ්‍යකර්මයක් සිදුකරගෙන ඇති බව ඔහුගේ කතාවෙන් අපට පැහැදිළි විය. එමෙන්ම උන්වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් ඔහු දැඩි කම්පනයෙන් පසුවන බව ද අපට වැටහිණි. එහෙයින් දර්ශන අසලින් අපි ඈත් වීමු. මුළු රටම කම්පනයට පත් කළ මේ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ, වැලිගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී කුඹල්ගම ශ‍්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි වේපතඉර ඉන්දසිරි නායක හිමියන් කියන කතාවට දැන් අපි සවන් දී සිටිමු.

කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානය වැලිගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලියාපදිංචි විහාරස්ථානයක්. වරින් වර නොයෙකුත් බධාවන් පැමිණ කඩාකප්පල් වී තිබෙන අවස්ථාවක තමයි මේ ස්වාමීන් වහන්සේ පැමිණ අපේ නාගමහා විහාරස්ථානයේ විහාරාධිපති දෙනගම රාහුල හිමියන් ගේ අවසරය පරිදි ආගමික කටයුතු කරමින් පවත්වාගෙන ගියේ. තිත්තගල්ලේ දේවානන්ද හාමුදුරුවෝ සමඟ මමත් නිතර කතාබහ කරනවා. බොහොම නිහතමානී ගුණයෙන් යුතු හිමිනමක්. උන්වහන්සේ කිසිවකුටත් කරදරයක් වන අයුරකින් කටයුතු කළේ නෑ. ඒත් මැර කණ්ඩායමක් විසින් සිදු කළ අමානුෂික පහරදීමෙන් සති දෙකක් පමණ උන්වහන්සේ දැඩි වේදනාවෙන් පෙළමින් ඉඳලා තියෙනවා. උන්වහන්සේ අපවත්වෙලා තියෙන්නේ එම පහරදීම නිසයි. ඒ පහරදීමට සම්බන්ධ දෙදෙනකු මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන තියෙන බවත්, තවත් අය සැ`ගවී සිටින බවත් ආරංචියි. විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඔවුන් සැ`ගවී සිටීම තුළින් මෙම අපරාධය පිළිබඳ පරීක්ෂණ කටයුතු වෙනත් මගකට හැරෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිතුමාගේ අවධානය මේ සඳහා යොමු කරන ලෙසත් අපරාධය සඳහා මුල් වී කටයුතු කළ සියලූ දෙනාට නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් වැලිගම ශාසනාරක්ෂක බලමණ්ඩලය වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා…’’

තිත්තගල්ලේ දේවානන්ද හිමියන්ට පහරදී අපවත් කිරීම සම්බන්ධයෙන් දැනට දෙදෙනකුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. දවස් පහළොවක් ගත වී මේ වන තෙක් ඉතුරු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී නැත. එය පොලිසියේ නොහැකියාවද? පව්කාර මිනීමරුවන් ආරක්‍ෂා කිරීමට අදිසි හස්තයක් ක‍්‍රියාත්මකවීමක් ද යන්න අපි නොදනිමු. වියපත් භික්‍ෂූන්වහනසේනමක් අපවත් කළ පව්කාරයන්ට රටේ නිතීයෙන් බුරුලක් තිබුණද බෞද්ධ ආගමට අනුව එලොවදීත්, මෙලොවදීත් පටිසම් දෙන බවට මේ පැහැදිළි කිරීම හොඳට ප‍්‍රමාණවත් බව අපගේ අදහසය.

එනම් එකල දිනක් බුදුරජාණන්වහන්සේ භික්‍ෂූන්වහන්සේ සමඟ වඩින විට මහා දුක්ඛිත විලාපයක් ඇසුණහ. භික්‍ෂූන්වහන්සේ ඒ හඬට සංවේදීව බලන විට පේ‍්‍රත ලෝකයේ විපාක විඳිමින් විලාප තබන ඇටසැකිලි පේ‍්‍රතයෙක් දැක සංවේගයට පත්ව එවැනි කර්ම විපාකයකට බලපෑ අකුසලය ගැන විමසූ මොහොතේ බුදුරජාණන්වහන්සේ මේ අතීත කතා පුවත මෙසේ විස්තර කළහ. ධම්ම පදයේ සඳහන් ආකාරයට ඒ කතාව මෙසේය.

එකල එක් තරුණයෙක් ගල් කැට වේගයෙන් සහ ඉලක්කයට විදීමට මනා කොට පුරුදු පුහුණු වෙමින් සිටියේය. ඈත ගස්වල ගෙඩිවලට, කොළවලට විදිමින් ඉලක්කය සම්පූර්ණ කර සතුටින් උන්මාදයට පත් වී සිටි තරුණයා සතෙකුට, හෝ මනුෂ්‍යයකුට විදීමට කල්පනා කළේය.

‘සතෙකුට විදලා රජතුමාට සැල වුණොත් දඬුවම් විඳින්න වෙනවා… මනුෂ්‍යයකුට විදලා යම් විපත්තියක් වුණොත් අනතුරට පත් පුද්ගලයාගේ ඥාතීනුත් දඬුවම් කරලා අන්තිමේ රාජ නියෝගයට අනුව දඬුවම් විඳින්නත් සිදු වෙනවා…’ එසේ සිතමින් සිටින තරුණයා ඈතින් වඩින භික්‍ෂූන්වහන්සේ නමක් දුටුවේය. උන්වහන්සේ පසේ බුදුරජාණන්වහන්සේනමක් බව තරුණයා දැන නොසිටියේය.

‘‘ශ‍්‍රමණයන් වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නෑ. විපත්තියක් වුණත් රජතුමාට පැමිණිලි කරන්නවත් කවුරුවත් නෑ. මගේ ඉලක්කය පරීක්‍ෂා කිරීමට මේ ශ‍්‍රමණයන් ඉතාම සුදුසුයි…’’ කියා හිතාගෙන ගහකට මුවා වී සිටි තරුණයා පසේ බුදුරජාණන්වහන්සේගේ කන් සිදුරක් ඉලක්ක කර ගල් කැටයක් විද්දේය. කන පසාරු කර, කන් බෙරය පලාගෙන ශරීරය ඇතුළටම ගල් කැටය ගමන් කළහ. දෙසවන්වලින් රූරා වැටුණු රුධිරයෙන් උන්වහන්සේගේ ගෙල ප‍්‍රදේශය තෙමුණහ. ඉලක්කය සම්පූර්ණ කරගැනීමේ ප‍්‍රීතියෙන් තරුණයා සතුටින් ඉපිලී ගියේය. ඉතා අසීරුවෙන් කුටියට වැඩම කළ පසේ බුදුරජාණන්වහන්සේ මොහොතකින් අපවත් වූහ. ඉලක්කයට විදීමට දක්‍ෂයකු වූ තරුණයා කාලයක් ජීවත් වී මිය ගියේය. පසේ බුදුරජාණන්වහන්සේට ගල් කැට විද අපවත් කිරීමේ විපාකයට ඇටසැකිලි පේ‍්‍රතයෙක් ලෙස පේ‍්‍රත ලෝකයේ නැවත උප්පත්තිය ලැබුවේය. කුළුගෙඩි හැටදාහක් එක වර වැදී කුඩු වී යන ඇටසැකිලි පේ‍්‍රතයා කර්මානුරූපීව නැවත ඇටසැකිලි පේ‍්‍රතයෙක් ලෙසම උපදින්නේය. නැවත කුළුගෙඩි හැටදාහක් වැදී මහා වේදනාවක් විඳිමින් මියැදෙන්නේය. අවුරුදු දසදහස් ගානක් මැරෙමින්, ඉපදෙමින් දරුණු විපාක විඳින ඇටසැකිලි පේ‍්‍රතයාට සංසාර ගමනේදී කිසිදු සරණක් නැත. තිත්තගල්ලේ දේවානන්ද හිමියන් අපවත් කළ මාළු මරන්නන්ට ද මෙරට නීතියෙන් ගැලවීමක් ලැබුණ ද සංසාර ගමනේදී විපාක විඳිනවා විනා බිඳුවක හෝ සැපක් නොලැබෙන බව නම් නිසැකය…


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close