free statistics

වෙලේසුදාගේ ජීවිතය ගැන අම්මා බයවෙයි


විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහුගේ මව විසින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත .

ඒ අනුව බන්ධනාගාරයේ සිටින තම පුතාගෙ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට රජගල්ගොඩ ගමගේ මාලනි නැමැති දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි .

තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ඇතුළු දෙදෙනෙකු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව මීට කිහිප දිනකට පෙර ඝා ත න ය කර ඇති බවත් ඒ අනුව තම පුතාගේ ජීවිතය පිළිබඳ බියක් තමාට ඇති බවත් පෙත්සම්කාරිය පෙත්සමින් පවසා සිටියි .


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close