free statistics

කුරුවිට තරුණිය ඝාතනය කර සියදිවි නසාගත් SI ගේ දේහය මිහිදන් කරයි


1 share

කුරුවිට වයස අවුරුදු 30ක අවිවාහක තරුණියක් ඝාතනය කර හිස නැති මළ සිරුර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දමා නිවසට පැමිණ සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය ඊයේ (06) රාත්‍රි 10 ට පමණ බඩල්කුඹුර 5 කණුව පොදු සුසාන භුමියේදි මිහිදන් කෙරිණි.

තරුණිය ඝාතනය කිරීමෙන් පසු පසුගිය 02 දින රාත්‍රි නිවසට පැමිණි උප පොලිස් පරීක්ෂකවරයා රාත්‍රියේම නිවස අසළ තිබෙන රබර් වත්තකට ගොස් සියදිවි නසාගෙන සිටියදි පොලිසීය සොයාගනු ලැබීය.

මිය ගිය අය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය එහිදි පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මොණරාගල සිරිගල රෝහලට ඉදිරිපත් කළ මළ සිරුර පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු ඊයේ රාත්‍රි ඥතීන්ට බාරදී තිබේ.

පවුලේ ඥතීන් කිහිපදෙනෙකු උප පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර බඩල්කුඹූර 5 කණුව ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.30ට පමණ ගෙනවිත් නිවස තුලට නොගෙන ආලින්දයේ පැය භාගයක් තබා කිසිදු ගෞරවයක් නොකර ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව පොදු සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කර තිබේ.


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close