free statistics

හෙට සිට සංචරණ සීමා ක්‍රියාත්මක වෙන ආකාරය මෙන්න


මේ වනවිට දිවයන පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හෙට (17) අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.

හෙට අලුයම සංචරණ සීමා ඉවත් වුවද මැයි මස 31 වන දින දක්වා දෛනිකව රාත්‍රි 11.00 සිට අලුයම 4.00 දක්වා සංචරණ සීමා පැනවීමක් සිදුවන අතර පළාත් අතර සංචරණ සීමා ද අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

ඒ අනුව හෙට (17) සිට හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණයි.

ඒ අනුව හෙට සිට මැයි 31 දක්වා ඔත්තේ දිනවලදී (17,19,21,23,25,27,29,31) හැඳුනුම්පතේ අවසාන අංකය ඔත්තේ නම් (1,3,5,7,9) නිවසින් බැහැරට යාමේ අවස්ථාව ලැබෙනවා.

එසේම හෙට සිට මැයි 31 දක්වා ඉරට්ටේ දිනවලදී (18,20,22,24,26,28,30) හැඳුනුම්පතේ අවසාන අංකය ඉරට්ටේ නම් (0,2,4,6,8) නිවසින් බැරට යාමේ අවස්ථාව ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close