free statistics
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගන්න ඔබේ සහය ලබා දෙන්න

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගන්න ඔබේ සහය ලබා දෙන්න


කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන්නැයි, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රටේ දානපතියන්ගෙන් ඉල්ලා සිටිනවා.

රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් හා ICU ධාරිතාව වැඩි කර ගැනීමට අවශ්‍ය උපකරණ සඳහා සුළු හෝ සහයෝගයක් ලබා දෙන ලෙස වෛද්‍යවරිය මෙසේ ඉල්ලා සිටිනවා.

ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රධානීන් මගින් හිඟ උපකරණ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බවත්, මේ අවස්ථාවේදී රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සහයෝගයක් ලබා දෙන්නේනම් එය ඉතා වටිනා උපකාරයක් බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close