free statistics

දරුවන්ට සහ වැඩිහිටියන්ට ඇති විය හැකි Covid Tongue රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ මෙන්න


1 share

දැනට වසරක පමණ කාලයක පටන් අප ජීවත් වෙන්නෙ අපට නුහුරු ආගන්තුක වෛරසයක් එක්ක. ඒ කොවිඩ් 19 වෛරස තත්ත්වය. ඇත්තටම මේ වගේ ගෝලීයව ව්‍යාප්ත වන වසංගත රෝගයක් හමුවේ ජීවත් වෙද්දි අපට වරින් වර වෙනස්වන වෛරස් ප්‍රභේද හමුවෙන එක සාමාන්‍ය දෙයක්. ඒ සම්බන්ධයෙන් කතා කරද්දි ඉන්ප්ලූවන්සා රෝගය සඳහා වසරකට වරක් නව එන්නතක් භාවිතයට ගැනීමේ අත්දැකීම් අපට තියෙනවා. මොකද ඉන්ෆ්ලූවන්සා ඇති කරන වෛරස් තත්ත්වය නිරන්තරවම වෙනස්වීම්වලට භාජනය වන නිසා.

වරින් වර වෙනස් වීම වෛරසයක ස්වභාවයක්

ඉන්ෆ්ලූවන්සා වෛරසය වගේම තමයි මේ කොවිඩ් වෛරසයත්. වරින් වර වෙනස් වෙනවා. අලූත් අලූත් ප්‍රභේද ඇතිවෙනවා. ඒ වෙනස් වීමත් එක්ක අලූත් අලූත් රෝග ලක්ෂණ මතුවෙනවා.

ඒ අනුව ලෝකයේ රටවල් ගණනාවක මෑතකදී හඳුනාගත් අලූත් වෛරස තත්ත්ව අතරට covid tongue කියන ප්‍රභේදය හමුව තිඛෙනවා.

මොකක්ද මේ covid tongue

ඇත්තටම මොකක්ද මේ covid tongue කියන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක් නේද? එම තත්ත්වය යටතේ දිවේ අසාමාන්‍ය රතු ලප, දිවේ මැලියම්, කටපුරා ඇතිවන තුවාල වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එවන් තත්ත්වයකදී දිව ස්ට්‍රෝඛෙරි ගෙඩියක් වගේ දිස්වෙන්න පුළුවන්. යම් දරුවකු මෙම තත්ත්වයට මුහුණ දුන් විට දිව උඩ හරි දිව යට හරි පෙර කී ආකාරයේ රතුවීම්, මැලියම්, තුවාල ඇතිවෙන්න පුළුවන්. එය කොවිඩ් රෝගයේ ලක්ෂණයක් වීමට වැඩි ඉඩක් තියෙනවා.

අලූත් ලක්ෂණ දුටු වහාම PCR

විශේෂයෙන් මෙවන් තත්ත්වයන් දරුවන් අතර පැතිර යා හැකි බව තමයි ලොව පුරා වාර්තා වූ සිදුවීම් අනුව පැහැදිලි වන්නේ. ඉතින් මෙතෙක් කලක් අපි එවන් රෝග ලක්ෂණ කොවිඩ් රෝග ලක්ෂණ ලෙස හඳුනාගත්තෙ නැහැ. ඒත් ලෝකය පුරා මෙම වෛරස තත්ත්වය වෙනස්වීම්වලට බඳුන් වෙමින් අලූත් ලක්ෂණ පෙන්නුම් කරමින් එන මොහොතක එම රෝග ලක්ෂණ covid tongue තත්ත්වය හේතුවෙන් හටගත්තක් දැයි බලන්නට එවන් ලක්ෂණ සහිත දරුවන් PCR පරීක්ෂණ සඳහා යොමුකරවිය යුතු වෙනවා.

ඒ අනුව මෙතෙක් කලක් කොවිඩ් රෝගයේ ලක්ෂණ ලෙස අප හඳුනාගත් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යෑම, කැස්ස වගේ රෝග ලක්ෂණවලට අමතරව අලූත් වෙමින් එන රෝග ලක්ෂණ ගැනත් අවධානයක් යොමු කරන්නට වෙනවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා,රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

_තමාරා පතිරණ


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close