free statistics

කොවිඩ් එන්නත් නිපදවන්න සත්ව කොටස් ලබාගන්නවා ද? මුස්ලිම්වරුන් දිගින් දිගටම ප්‍රශ්න මතු කරනවා


කොවිඩ් එන්නත හදන්න හරකුන්ගෙන් හෝ ඌරන්ගෙන් ලබා ගන්නා කිසිම ද්‍රව්‍යයක් භාවිත කරන්නේ නැහැ – who කියයි…

මේ ප්‍රශ්නයට ශ්‍රී ලංකාවේ බලධාරීන් පිළිතුරු නොදෙන්නේ ඇයි

කොවිඩ් -19 එන්නත් සඳහා ඌරු සාරය භාවිත කිරීම පිළිබඳව ඉස්ලාමීය ආයතනයක් වන රාසා ඇකඩමිය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිපියක් යවමින් ඒ පිළිබඳව ප්‍රශ්න කර තිඛෙනවා. ඒ කොවිඩ් -19 වෛරසය සඳහා එන්නත නිපදවීමේදී ඌරන්ගෙන් ලබාගත් සාරය භාවිතය පිළිබඳව ඔවුන්ගේ අවධානයට ලක්ව ඇති බව කනස්සල්ල පළ කරමිනි. එහිදී ඉස්මතු කර තිඛෙන්නේ ඉස්ලාමයේ ඌරන් තහනම් කර ඇති බවත් ඌරන්ගෙන් ලබාගත් ඕනෑම නිෂ්පාදනයක් පරිභෝජනය කිරීම ඇදහිල්ල තුළ ඛෙහෙවින් හෙළා දකින බවත් ය.

විනිවිදභාවය

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ එන්නත්වල අන්තර්ගතයේ විනිවිදභාවය පිළිබඳව සමහර කණ්ඩායම් දිගින් දිගටම ප්‍රකාශ කර තිඛෙනා අන්දමයි. එහිදී ෆයිසර් වැනි ඖෂධ සමාගම් ඔවුන්ගේ එන්නත් ලබාදීමේදී කිසිදු ආකාරයක සත්ත්ව අන්තර්ගතයක් අඩංගු නොකර ඇති බව ප්‍රකාශ කර තිඛෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිඛෙනවා.

නමුත් ඔවුන් පවසා සිටින්නේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 එන්නතෙහි අන්තර්ගතය පිළිබඳව තම භීතිය පළ කරනා බවයි.

එන්නත නිපදවීමේදී ඌරන්ගෙන් ලබාගත් සාරය භාවිතය පිළිබඳව තම අවධානයට ලක්ව ඇති බව ඇකඩමිය කනස්සල්ල පළ කර ඇති අතර සමහර සමාගම්, විශේෂයෙන් චීනය වැනි රටවලින්, එන එන්නත්වල ඌරන් හා එළදෙනුන්ගෙන් ලබාගත් අමුද්‍රව්‍ය අවසාන වශයෙන් භාවිත කරන බවත් එය කල් පවත්වා ගැනීමට භාවිත කරන බවටත් මාධ්‍ය කිහිපයක් වාර්තා වී තිඛෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබනවා.

ආගමික භක්තිය නිසා…

කොවිඩ් -19 එන්නත එහි සංයුතියේ තහනම් ද්‍රව්‍ය නිසා මුස්ලිම්වරුන් පමණක් නොව හින්දු සහ යුදෙව්වන් පවා ප්‍රශ්න මතු කරන්නට මේ වනවිට කටයුතු කරමින් තිඛෙන බවයි ලෝක වාර්තා අනුව පැහැදිලි වන්නේ.

ෆයිසර්, මෝඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා සහ භාරත් බයෝටෙක් හි කොවැක්සින් විසින් සකස් කරන ලද යෝජිත එන්නත්වල සංයුතිය ගැන මුස්ලිම්වරු, යුදෙව්වන් සහ හින්දු භක්තිකයන් පවා මේ වන විට ප්‍රශ්න කිරීමට පටන් අරගෙන.

ගබඩා කිරීමට ඌරු මස් ජෙලටින්?

එන්නත් නිෂ්පාදකයන් වන ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා සහ මෝඩර්නා – ඌරු මස් ජෙලටින් භාවිත කළ බවට වූ චෝදනා නිෂ්ඵල ලෙස ප්‍රතික්ෂේප කර තිඛෙනවා. ඒ අනුව ඌරු මස් නිෂ්පාදන එන්නත් වල කොටසක් නොවන බව නිෂ්පාදකයින් පැහැදිලි කර තිඛෙනවා. එනමුත් ඌරු මස්වලින් ලබාගත් ජෙලටින් ආරක්ෂිතව ගබඩා කිරීම සහ එන්නත් ප්‍රවාහනය සඳහා ස්ථායීකාරකයක් ලෙස භාවිත කරන බව එම නිෂ්පාදක ආයතන පවසන බවයි විදෙස් වාර්තා අනුව සනාත වන්නේ.

කෙසේ වුවද එක්සත් රාජධානියේ දී, මහජනතාවට ලබා දෙන ෆයිසර්, බයෝටෙක් එන්නත බි්‍රතාන්‍ය ඉස්ලාමීය වෛද්‍ය සංගමය (බීමා) සහ අනෙකුත් ඉස්ලාමීය විද්වතුන් විසින් අනුමත කර තිඛෙනවා.

කිසිම සත්ත්ව සම්භවයක් නැති බි්‍රතාන්‍ය එන්නත…

බි්‍රතාන්‍ය රජය පවසන අන්දමට ඒ එන්නතෙහි සත්ව සම්භවයක් ඇති කිසිදු සංරචකයක් අඩංගු වන්නේ නැහැ. ඒ වුණත් ඉස්ලාමීය රටවල් සඳහා වන ප්‍රමිති හා මිනුම් විද්‍යා ආයතනය (SMIIC), ඉස්ලාමීය රටවල් සංවිධානයේ (OIC) ඒකකයක් වන අතර, එන්නත හලාල් හෝ හලාල් නොවන බව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කිරීමක් කර නැහැ.SMIIC හි මහලේකම් ඉහ්සාන් ඕවුට් ඉස්ලාමීය වෙබ් අඩවියකට ඊමේල් ප‚වුඩයක් නිකුත් කරමින් කියා සිටියේ COVID-19 එන්නත්වල හලාල් සහතිකය පිළිබඳ නිශ්චිත ප්‍රමිතියක් වර්ධනය වී නොමැති˜ බවයි. හලාල් සහතික නොකළේ නම් එන්නත හලාල් යැයි ප්‍රකාශ කළ නොහැකි බව හලාල් ඖෂධ විශේෂඥයන් පෙන්වා දෙනවා .

මුස්ලිම් රටවල් පිළිගැනීම

කෙසේ වෙතත්, මෙම දුර්වල හෝ තාක‍ෂ‚ක විරෝධතා මධ්‍යයේ වුවද, බහරේන්, සවුදි අරාබිය, බංග්ලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පාකිස්තානය ඉස්ලාමීය යැයි කියා ගන්නා හෝ මුස්ලිම් බහුතරයක් සිටින රටවල් සීනෝෆාම් එන්නත අනුමත කර තිඛෙනවා. සිංගප්පූරු රජය ෆයිසර්-බයෝටෙක් එන්නත රට තුළ භාවිත කිරීම සඳහා අවසර දී තිඛෙනවා.

රටවල් බොහොමයක් කැළඹෙයි…

සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් සිටින, සිංගප්පූරුවේ ඉස්ලාමීය ආගමික කවුන්සිලයේ (MUIS) මුෆ්ටි කාර්යාලය සිය වෙබ් අඩවියේ සඳහන් කළේ, කොවිඩ් -19 එන්නත —මූලික අවශ්‍යතාවක් බවයි.

කෙසේ වුවද එන්නත්වල සංයුතිය ගැන සැලකිලිමත් වූයේ ඉන්දියාවේ මුස්ලිම්වරුන් පමණක් නොවේ. හින්දු මහා සභාවේ සභාපති ස්වාමි චක්‍රපානි, ජනාධිපති රාම් නාත් කෝවින්ද් වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියේ, කොවිඩ් -19 එන්නතෙහි ගවයාගේ රුධිරය තිබේද නැද්ද යන්න පිළිබඳව රජය සහ ඖෂධ සමාගම් පැහැදිලි කරන ලෙසයි. නමුත් ඉන්දීය මාධ්‍ය මෙම ලිපිය නොසලකා හැරීමට කටයුතු කර තිඛෙන බවයි පැවසෙන්නේ.

ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ යුදෙව් නීතියට අනුව ඌරුමස් ආහාරයට ගැනීම අකැප වුවද මෙය මුඛය මගින් ලබා නොගන්නා බැවින් ද එය ඖෂධයක් නිසා ද අකැප නොවනා බවයි.

යුදෙව් නීතියට අනුව…

එසේ වුවද, බොහෝ රටවල පැතිරී ඇති එන්නත් විරෝධී සංසිද්ධිවලට අමතරව එන්නත හලාල් ද නැද්ද යන්න පිළිබඳව ඉන්දියානු මුස්ලිම්වරුන් සැලකිලිමත් වේ.

මේ අතර, හලාල් සහතික කළ එන්නතක් පැමිණිය හැකි බවට ද වාර්තා වී තිබේ. මැලේසියාවේ තුන්වන අදියර සායනික අත්හදා බැලීම් සිදු කිරීමට සහ කොවිඩ් එන්නතක් සඳහා මැලේසියාවේ ඩීඑස්එම් ප්‍රමිතීන් මත පදනම්ව හලාල් සහතිකය ලබා ගැනීම සඳහා මැලේසියාවේ ඵශෑඨ චීනයේ අන්හුයි ෂයිෆයි ලෝන්කොම් ජෛව තාක්ෂණවේදය සමඟ ගිවිසුමක් අත්සන් කර තිඛෙනවා. චීනයේ සිනොවාක් බයෝටෙක් ලිමිටඩ් සමඟ වැඩ කරන ඉන්දුනීසියාවේ රජය සතු පීටී බයෝ ෆාමා, covid-19 එන්නත සඳහා හලාල් සහතිකය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද තහවුරු කර තිඛෙනවා.

බලධාරීන් නිහඩනම්…අසන්නේ කාගෙන්ද?..

පවතින තත්ත්වය කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් පවසා සිටින්නේ මේ වන විට භාවිතයට ගන්නා කිසිම ඖෂධයක් නිෂ්පාදනයට හරක් මස් හෝ ඌරු මස් කොටස් කිසිම ආකාරයකින් භාවිතයට නොගන්නා බවයි. එනමුත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවැරැදි අදහසක් සෘජුව ප්‍රකාශ කිරීමට තරම් වගකීමෙන් යුතුව කටයුතු කරන නිලධාරියෙක් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නොමැති වීම කනගාටුවට කරුණක්. මාධ්‍යකරුවන් වන අප සතු වගකීම ජනතාව දැනුවත් කිරීම වනවා සේම එම නිවැරදි තොරතුරු මාධ්‍ය වෙත ලබා දීම බලධාරීන්ගේ වගකීම වන බව මතක් කිරීමට කැමැත්තෙමු.

-තමාරා පතිරණ


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close