free statistics

කොරෝනා මැඩලන මගේ ඖෂධය සත්‍ය බව යලි තහවුරුයි – සෞඛ්‍ය ලොක්කන් ඊර්ෂ්‍යාවට බොරු කියනවා


1 share

තමන් ඇතුළු පිරිසක් විසින් කොරෝනා වෛරසය පාලනය සදහා නිෂ්පාදනය කරන ලද ඖෂධය සත්‍යයක් බව කරාපිටිය මහ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග ඕනෑම මොහොතක විවාදයකට තමන් සූදානම් බවත් ඔහු කියා සිටියි.

සෞඛ්‍ය බලධාරීන් විසින් තම සොයා ගැනීමට එරෙහිව විවිධ මත පළ කර ද ඒ සම්බන්ධයෙන් කිසිදු සොයාබැලීමකින් තොරව එවන් ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දකින බව ද ඔහු කියා සිටියේය.

මෙම ඖෂධය යොදා දැනට රෝගීන් විශාල පිරිසක් මුදවා ගෙන ඇතැයිද පවසන ඔහු ලොව පිළිගත් ආයතන කිහිපයකින්ම මෙම නව නිෂ්පාදනය සඳහා විධිමත් ලෙස අනුමැතිය ලබාදී ඇතැයිද පැවසීය.

මධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

-lankacnews


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close